බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස්ගත වූ  68000ක් ලංකාවට එන්න පෝලිමේ ..

by editor
ජනවාරි 3, 2021
in පුවත්
Indian migrant workers wait in a queue for medical examination outside a hospital in Srinagar, Indian controlled Kashmir, Monday, May 4, 2020. India's six-week coronavirus lockdown, which was supposed to end on Monday, has been extended for another two weeks, with a few relaxations. Locking down the country's 1.3 billion people has slowed down the spread of the virus, but has come at the enormous cost of upending lives and millions of lost jobs. (AP Photo/Mukhtar Khan)

Indian migrant workers wait in a queue for medical examination outside a hospital in Srinagar, Indian controlled Kashmir, Monday, May 4, 2020. India's six-week coronavirus lockdown, which was supposed to end on Monday, has been extended for another two weeks, with a few relaxations. Locking down the country's 1.3 billion people has slowed down the spread of the virus, but has come at the enormous cost of upending lives and millions of lost jobs. (AP Photo/Mukhtar Khan)

Share on FacebookShare on Twitter

මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන්  ශ්‍රී ලාංකිකයන් 68000ක් පමණ පොරොත්තු ලේඛනගතව සිටින බවත්, ඔවුන් ගෙන්වා ගැනීමේ වැඩසටහන් අඛණ්ඩව  ක්‍රියාත්මක කරන බවත් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසයි.

විදේශයන්හි තත්ත්වයන් පිරිහී යාමත්, සේවයෙන් ඉවත් කිරීම් සහ වෙනත් අකාරවලින් රැකියා අහිමි වීමත් හේතුවෙන් නැවත සියරට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දැනට විවිධ කලාපවල සිටින විදේශීය ශ්‍රී ලාංකිකයන් 68,000 ක් මේ අයුරින් නැවත ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පොරොත්තු ලේඛනගත කර ඇති බව විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

එම මාධ්‍ය නිවේදනයට අනුව 2019 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්‍යාංශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්, සංක්‍රමණික ශ්‍රමිකයින්, කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්‍රිකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද  ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 60,470 කි. විදේශ අමාත්‍යංශය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මොවුන් ගෙන්වා ගෙන ඇත්තේ රටවල් 137 ක සිටය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගන්නා ලදී. 2021 ජනවාරි 02 සිට 09 දක්වා කාලය තුළ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නවතම සති දෙකක කාලසටහනට චෙන්නායි, මෙල්බර්න්, කුවේට්, දෝහා, ටොරොන්ටෝ, සයිප්‍රසය සහ ඩුබායි සිට මගීන් 1,400 දෙනෙක් ඇතුළත් වන බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ  පැවසීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වඩාත් වැදගත් ලෙස, අමාත්‍යාංශය සහ එහි දූත මණ්ඩල 67 විසින් මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ප්‍රාදේශීය සංවිධාන සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන අතර, රජය විශාල අරමුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් වළක්වා ගනිමින්, ජාතික කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණ කට්ටල, රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ කට්ටල, පරීක්ෂණ යන්ත්‍ර, ජීවිතාරක්ෂක ඖෂධ, වෙන්ටිලේටර් උපකරණ, ආර්ද්‍රතාකාරක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් ප්‍රදාන සහ පරිත්‍යාග ලෙස ලබා ගෙන ඇත.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ද, එන්නත් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුවන වර්ධනයන් සමීපව අනුගමනය කරමින්, විදේශීය රජයන්ගෙන් එන්නත ලබා ගැනීමේ ශක්‍යතාවයන් පිළිබඳ අත්‍යවශ්‍ය හා කාලෝචිත තොරතුරු සපයන මාර්ගයක් ලෙස කටයුතු කරයි.

ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යැවූ අතර, විදේශයන්හි අපගේ ප්‍රජාවන්ගේ සුබසාධනය උදෙසා මේ වන විට රුපියල් මිලියන 80 ක් පමණ වැය කොට ඇත.

මූලික ඖෂධ, පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය සහ සමහර අවස්ථාවල දී ගුවන් ටිකට් පත් සැපයීම ද මෙම අරමුදල්වල අරමුණ විය

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

Next Post

ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.