බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් තානාපති කාර්යාලයක් දුන් ඔත්තුවකට කළ වැටලීමක දී අන්තර්ජාල අපරාධ තිප්පලකින් ශ්‍රී ලාංකිකයින් 58ක් අත් අඩංගුවට… තිප්පල පවත්වාගෙන ගොස් ඇත්තේ මිලියන 09ක මාසික කුලියට ගත් ඉඩක…

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් වැල්ලවත්ත හැවුලොක් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක දී   පුද්ගලයින් 58 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙතෙක් මෙවැනි පරිගණක අපරාධ සම්බන්ධව බුරුතු පිටින් හසුවී තිබුණේ විදේශිකයන් වුවද  මෙම පුද්ගලයින් 58 දෙනාම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට විදේශිය තානාපති කාර්යාලයකින් ලද තොරතුරක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි. අනතුරුව ඊයේ පස්වරුවේදී විමර්ශන නිලධාරීහු මෙම අපරාධ ස්ථානය වටලා තිබේ. එහිදී සැකකරුවන් 58 දෙනෙක් විමර්ශන නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වී තිබුණු අතර පොලිසිය පැවසුවේ ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් බවය.

ජාවාරම පවත්වාගෙනන ගිය සුපිරි මහල් නිවාස සංකීර්ණය…

පොලිස් මධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මෙම අපරාධය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් මෙසේ පැවසුවේය. ” යම් කිසි පිරිසක් විසින් වංචා සහගත ලෙස කටයුතු කරමින් කොරියාවේ සිටිනා කොරියානු ජාතිකයෙකුගෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කරලා තියනවා කියලා අපට විදේහ තානාපති කාර්යාලයකින් පැමිණිල්ලක් ලැබුනා. මේ අනුව මෙම ස්ථානයත් නිරීක්ෂණය කරලා ගරු අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවකුත් ලබාගෙන ඊයේ දිනයේ දී මෙම ස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා. රුපියල් ලක්ෂ 90කට වැඩි මුදලක් කුලී ලෙස ගෙවමින් තමයි මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ. විව් ටෙක් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා පුද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන ආකාරය විමර්ශකයින් පසුව පෙනී ගියා.

“ඊයේ (08) දිනයේ දී අප අත්අඩංගුවට ගත්තා එම ආයතනයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි අවරුදු 52ක කාන්තාවක්. ඒ වගේම කළමනාකරුවෙක් ලෙස අත් අඩංගුවට ගත්තා රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක පුද්ගලයෙක්. මේ දෙදෙනා මෙහෙයවීම් කටයුතු සිදුකරලා තියන බව පේනවා. තවත් පුද්ගලයින් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා අධ්‍යක්ෂවරුන් වශයෙන් සහ විවිධ තනතුරු දරමින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටිනවා. ”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ඒ වගේම යම් කිසි ආකාරයක විදේශීය රටක විදේශීය ජාතිකයො හෝ කණ්ඩායමක මෙහෙයවීම මත මෙම ස්ථානයේ මේ කටයුතු සිදුකරමින් ඇති බව තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉලක්ක වෙලා තියෙන්නේ විදේශීය රටවල වෙසෙන ජාතිකයින්. ” ඔහු කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ඩි.එස්. සේනානයක විද්‍යාලයේ පැති බැම්මක් කඩා වැටේ… පන්ති කාමර රැසකට හානි…

Next Post

සමක ගිනියාව ගිනි තැබූ රටේ මූල්‍ය විමර්ශන ප්‍රධානියාගේ රති කෙළිය…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.