දිනසේන රතුගමගේ –
යාපනයේ කොඩිකාමම් සකලකලාවල්ලි විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය නිවසේදී ඊයේ (04) ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
51 හැවිරිදි එස්.ජෙයකාන්තන් නැමති මෙම විදුහල්පතිවරයා සිය දිවි හානි කරගැනීමට හේතුය්ව මෙතෙක් වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොඩිකාමම් පොලීසියේ නිලධාරීන්ට විදුහල්පතිවරයාගේ නිවසේ උදවිය ප්‍රකාශ කොට ඇත්තේ ඔහුට සිය දිවි හානි කර ගනිමට තරම් හේතුවක් නොතිබූ බවයි.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා දේහය යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති කොඩිගාමම් පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරගෙන යයි.







