විදුලිය සම්බන්ධ කිසිම ආකාරයක කඩාකප්පල්කාරි ක්‍රියාවක් සඳහා රජය ඉඩ ලබා නොදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා ප්‍රකාශ කළේ අඛණ්ඩ විදුලි සැපයුම රජයක වගකීම බවත් එයට බාධා පමුණුවන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ගත යුතු ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා පැවසුවේය.
“කොහොමත් විදුලි බිඳවැටීමට රජය ඉඩ තියන්නේ නෑ. කරුණාකරලා වැඩ කරන්න. වැඩ කරන්නේ නැතිනම් වන්දි අරන් යන්න.
“රටේ ආර්ථිකය අඛන්ඩව වත්වාගෙන යෑමට විදුලිය අවශ්‍යයි. විදුලි වැඩ වර්ජනය කරලා යන්තම් හුස්ම ගනිමින් තිබෙන ආර්ථිකය නැවත බිඳ වට්ටන්න, දැන් රටට ඇවිත් තිබෙන අවස්ථා බිඳ දමාගන්න රජයට අවශ්‍ය නෑ. අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට ගන්න පුලුවන් තීන්දු අපි ගන්නවා.”
“ඒ වගේම කියන්න අවශ්‍යයයි. කිසිදු කඩාකප්පල්කාරී වැඩකට ඉඩ දෙන්න රජය සූදානම් නෑ. කිසිවෙක් කඩාකප්පල්කාරී වැඩක් කරනවා නම් ඊට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා.”
“මොකද විදුලි බල මණ්ඩලය තියෙන්නේ රට තුළ. රටේ ආර්ථිකය තුළ. විදුලි බල මණ්ඩලය තුළ රට නෑ. විදුලි බල මණ්ඩලය තුළ රටේ ආර්ථිකය නෑ. ආර්ථිකය ඇතුළෙ තමයි විදුලි බල මණ්ඩලය තිබෙන්නේ. ” ඇමතිවරයා කීවේය.







