මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඇලහැර 12 කණුව ප්‍රදේශයේ ගෙවත්තක කෙසෙල් වගාවක් රැකගැනීම සඳහා ගෙවත්ත වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී අද ( 26 ) අලුයම වන අලියෙකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.
මියගිය වන අලියා අවුරුදු තිස් පහක් වයසැති පිරිමි සතෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන ඇළහැර වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.
සිද්ධියට සම්බන්ධ ගෙවත්තේ හිමිකරුවන අවුරුදු තිස්පහක් වයසැති පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරි දිනකදි
හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.
අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ඇතුළු පිරිසක් 26 වෙනිදා සවස සිදු කිරීමට නියමිතව ඇත.







