සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල වැඩි වීම හෙට සිට ක්‍රියාත්මකයි! වැඩි වෙන්නේ මෙහෙමයි!

by Lankasara News
අගෝස්තු 9, 2022
in පුවත්
electricity bill
Share on FacebookShare on Twitter

අගොස්තු මස 10 වැනිදා එනම් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 75කින් පමණ ඉහළ දැමීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය ගාස්තුව රුපියල් 198ට දක්වා සියයට 204කින් ඉහළ යනු ඇත. ඒකක 30 – 60ත් අතර පාරිභෝගිකයින් සඳහා රුපියල් 599ක උපරිමයක් දක්වා සියයට 211කින් ද ගාස්තු වැඩි කර ඇති අතර ඒකක 60- 90ත් අතර විදුලි ගාස්තු සියයට 125කින් ඉහළ දමා ඇත. ඒකක 91 – 120ත් අතර වන පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුව සීයට 89කින් ද සියයට 121 – 180ත් අතර සීයට 79කින් ද ඉහළ දමා ඇත.

වසර නවයකට පසු පළමු වතාවට විදුලි ගාස්තුව සංශෝධනය මෙවර සිදු කෙරී ඇති අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මෙම කාලය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා වැය වන වියදම ඉතා ඉහළ ගොස් ඇති බවයි. පසුගිය ජූනි මාසයේ දී ලංකා විදුලි බල මණ්ඩලය සියයට 229ක ගාස්තු සංශෝධනයක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලූ අතර මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සිදු කෙරුණු සාකච්ඡා මහජන අදහස් විමසීම් සහ ලංකා විදුලි බල මණ්ඩලයට පනවන ලද කොන්දේසි කිහිපයකින් අනතුරුව මෙම මිල සංශෝධනය සිදු කළ බව සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙරට සිටින විදුලි පාරිභෝගිකයින් මිලියන 7.8ක් අතරින් මිලියන 6.7ක් ම ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් වන අතර ඔවුන්ගෙන් මිලියන 4.8ක් මාසිකව ඒකක 90ට වඩා භාවිතා කරන අය වෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබද වැඩිදුර අදහස් දක්වන ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“අපි අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් කළේ 2014 වසරේදී. එහිදීද සියයට 25කින් ගාස්තු අඩු කළා. මේ වසර 9ක කාලය සියළුම භාණ්ඩ හා සේවා වල මිළ ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ජනනය සදහා ආනයනය කරන ෆොසිල ඉන්ධන වර්ග තුනම සියයට 250කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිහින් . නමුත් පසුගිය වසර 9 තුළම විදුලි ගාස්තු අපි ස්ථාවර මට්ටමක තබාගැනීමට සමත්වුණා. මේ කාලය තුල ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 143 සිට ඩොලර් 321 දක්වා ඉහල ගොස් තිබේ. රුපියල් වටිනාකමට අනුව ගණනය කල විට එය සියයට 550ක ඉහල යාමකි. ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 430 දක්වා වැඩිවී තිබේ. එය සියයට 255ක වැඩිවීමක්. 2013 දී රුපියල් 90ට පැවති දැවිතෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 419ක් වේ. සියයට 365ක මිල ඉහළ යාමක්. මෙම කාලය තුළ ඩොලරයේ අගය රුපියල් 127 සිට 368 දක්වා සියයට 190කින් ඉහල ගොස් තිබෙනවා. මේ හේතුවෙන් විදුලි ඒකකයක් ජනනය කර බෙදාහැරීමේ වියදම රුපියල් 16 සිට රුපියල් 32 දක්වා වැඩි වුණා. විදුලි ජනනයට අදාල පිරිවැය වැඩීවීමත් සමග ලංකා විදුලි බල මණ්ඩලය සියයට 183%ක හා සියයට 229%ක් වශයෙන් ගාස්තු ඉහළ දැමීමේ යෝජනා 2ක් කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණා. මේ යෝජනා 2කම අනුමත කළේ නැහැ. ඒ වෙනුවට සාධාරණ ගාස්තු වැඩි කිරීමකට අපි පියවර ගත් බව කිව යුතු යි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව අපි ගාස්තු අනුමත කිරීමට පෙර මහජන අදහස් ලබාගැනීමට ද ක්‍රියා කළා. මෙම අදහස් හා යෝජනාද සැළකිල්ලට ගෙන සාධාරණ ගාස්තු සංශෝධනයක් අනුමත කිරීමට කොමිෂන් සභාව තීරණය කළා. වර්තමානයේ විදුලි ඒකකයක් ජනනය සදහා රුපියල් 32ක් වැය වුණත් ගෘහස්ත අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් ආරක්ෂා කිරීම සදහා එම සමස්ත පිරිවැය බර ඔවුන් මත පටවා නැහැ. ඒකක 30 වඩා අඩු පරිභෝජනයක් සහිත කාණ්ඩයෙන් තවමත් අය කරන්නෙ පිරිවැයෙන් සියයට 25ක්. ඔවුන්ට තවමත් සියයට 75ක සහනාධාරයක් ලැබෙනවා ඒකක 31ට වැඩි 60ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සමස්ත පිරිවැයෙන් සියයට 40ක ප්‍රමාණයක්. ඔවුන්ට සියයට 60ක සහනාධාරයක් ලැබෙනවා. ඒකක 61ට වැඩි 90 ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සියයට 50ක ප්‍රමාණයක් පමණයි. එම කාණ්ඩයටද සියයට 50ක සහනාධාරයක් ලබාදේ. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 75ක සංඛ්‍යාවකට තවමත් සහනාධාර ලබා දෙන බව කිව යුතු යි..”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තාවන්ට රෑටත් කාර්යාල වැඩ කරන්න නීති අලුත් වෙයි!

Next Post

නොරෝච්චෝලේ චීන්නු 103කට කොවිඩ්… චීනෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ පසුගිය සතියේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.