ඔක්තොම්බර් 01 දා සිට යළිත් විදුලි බිල වැඩිවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දන්වයි.
ඒ වැඩිවීම සිදුවන්නේ විදුලි බිල මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පනවා තිබීම හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක දන්වා ඇත්තේ විදුලි බිල සංශෝධනය කළ බැවින් විදුලි පිරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට කළ යෝජනාව මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති බවය.
මුදල් අමාත්‍යාංශයෙන් මහජන උපයෝගීතා කොමිසමට දන්වා ඇත්තේ අදාල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම මෙම බද්දට යටත් වන බවය.
එබැවින් ඔක්තොම්බර් මස 01 වැනි දා සිට ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය මිල දී ගැනීම් මත මෙම බද්ද අයකිරීමට තීරණය කර තිබේ.








