බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල මණ්ඩලය පුද්ගලකරණය නැවැත්වීම අපරාධයක් ද?… රජයේ වැඩපිළිවෙළට කවර හෝ වෘත්තීය සමිතියක් බාධා කරනවා නම් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගන්නවා…. ජනපති කියයි!

by editor
සැප්තැම්බර් 17, 2025
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා කවර හෝ වෘත්තිය සමිතියක් බාධා කරනවා නම් ඔවුන්ට එරෙහි තීරණ ගැනීමට ආණ්ඩුව නොපැකිලෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

මේ ආණ්ඩුව බලයට පත් වීමටත් පෙර විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරිමේ නීතිය සම්මත කර තිබුණු බව කී ජනාධිපතිවරයා ඉන් බලශක්ති ස්වාධිපත්‍යයට සිදුවන බලපෑම් දැක එය වෙනස් කිරීම අපරාධයක් දැයි විමසා සිටියේය. විදුලි බල සේවකයින් අකුරට වැඩ කරන්නේ හෝ ලෙඩ නිවාඩු වාර්තා කරන්නේ ඒ නිසාදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

ජනාධිපතිවරයා කීවේ ආයතන යාන්ත්‍රීකරණය කළද තමන් ඇතුළු දේශපාලන අධිකාරිය යාන්ත්‍රීකරණය වූවන් නොව තෙතමනයක් සහිත මනුෂ්‍යයින් බවය. මෙම පරිවර්තනයේ දි සේවකයින්ට සිදුවන අර්බුදයට මානුෂීය අවබෝධයකින් යුතුව පිළිතුරු සපයන බව කී ජනාධිපතිවරයා ඉදිරි මාස දෙක තුළ ඔවුන්ට තමන් කැමති තීරණය ලබා ගැනීමට අවකාශය සලසා ඇතැයි පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු අද (17) ආරම්භ කරමිනි.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකියක් ඇතුළු ගබඩා ටැංකි 06ක ඉදිකිරීමේ කටයුතු මෙසේ ආරම්භ කෙරිණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

බලශක්ති කේෂ්ත්‍රයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ආර්ථික ස්වාධිපත්‍යයක් ළඟා කර ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ප්‍රගතිශිලී පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතා‍වගේ සහයෝගය ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.

ජනතාවගේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා රජයට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරනවා. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා කවර හෝ වෘත්තිය සමිතියක් බාධා කරනවා නම් ඒ වෙනුවෙන් තීරණයක් ගන්න අප පැකිළෙන්නේ නැහැ. ගතානුගතික සම්ප්‍රදායෙන් ආයතනයකට ඉදිරියට යන්න බැහැ. ඒවගේම මිනිස් ශ්‍රමයෙන් පමණක් ආයතනයක් ඉදිරියට යන්නේත් නැහැ. ආයතනයක් ඉදිරියට යාමට නම් තාක්ෂණය හා විද්‍යාව එක් කළ යුතුයි. තාක්ෂණය හෝ විද්‍යාවට බිය කිසි ආයතනයක් දියුණු වන්නේ නැහැ. තාක්ෂණයට හෝ අලුත් දෙයක් කරන්න බිය වන රටක් ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අප යාන්ත්‍රීකරණයට ආයතන ලක් කළ යුතුයි. ආයතන යාන්ත්‍රීකරණය කළාට අප යාන්ත්‍රික නැහැ. අප තෙතමනයක් සහිත මිනිස්සු. ඒ නිසා ආයතන යාන්ත්‍රික කිරීමේදී සේවකයින්ට සිදු වන දේ අප හොඳින් අවබෝධ කර ඊට පිළියම් ලබා දෙනවා.

පරණ තිබෙන අදහස වන්නේ ආණ්ඩුවක් පෙරළුණු විට පැවැති ආණ්ඩු පක්ෂ වෘත්තිය සමිතියේ අයට අලුතින් පත් වූ ආණ්ඩුවේ වෘත්තිය සමිතියට බැඳෙන්න කියා බල කරනවා. එහෙම නැතුව අනෙක් වෘත්තීය සමිතිවල අයට ගේට්ටුවෙන් ඇතුළට එන්න දුන්නේ නෑ. තෙල් සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදාගෙන තිබුණා. ඉතිහාසයේ ඡන්ද පොළවල් කොල්ලකෑමට පවා රාජ්‍ය සේවකයින් යොදාගත්තා.

පසුගිය වසරේදී අප වෙනස් කළේ එවැනි දේශපාලන සංස්කෘතියක්. එමගින් කිසිදු රාජ්‍ය සේවකයෙකුට හිරහැර සිදු වුණේ නැහැ. අපේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන්නේ පැරණි විනාශකාරී අන්තයමද? එහෙම ජනතාව අපේක්ෂා කළා නම් අපට ඡන්දය දෙන්නේ නැහැ. ඒ අය පැරණි පාලකයෝ තෝරා ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159ක් ලබා දෙන්නේ නැහැ. එහෙත් සමහර අය වෙනස් වෙන්න සූදානම් නැහැ. අපි ඒ අයට ආරාධනා කරනවා වෙනස් වෙන්න සූදානම් වෙන්න කියලා. එසේ නොමැති නම් අප තීන්දු ගන්න සූදානම්. මොකද අප හාර හාර බල බල වැඩකරන්නේ නැහැ. මේ සිදු වූ ප්‍රගතිශිලි පරිවර්තනය පටු දේශපාලන කෝණයකින් බලන්න එපා.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නවීකරණය කිරීම සඳහා ඉරාන නායකයා ඇවිත් මුල්ගල තැබුවේ මිට වසර පහ‍ළොවකට විස්සකට කලින්, නමුත් එය නිසි කලට සිදු වූයේ නැහැ. එම නිසා විදුලිබිලට පවා අමතර බරක් පැමිණ තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවිකරණය කරනවා වගේම ධාරිතාව වැඩි කිරීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම තෙල් ගවේෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට විද්වතුන්, විද්‍යාඥයින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.

‍අපේ ජනතාවට මැතිවරණ කාලවලදි තෙල් සොයා ගත්ත කතා අහන්න ලැබෙනවා. පළමු බොරතෙල් බෝතලය හොයා ගත්තේ 1970 මැතිවරණයේදීයි. එහෙත් අප වෘත්තීයවේදීන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ට එහි වගකීම් ලබා දී තිබෙනවා. අවශ්‍ය පහසුකම් පමණක් රජය සපයනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 26,000ක් පාලනය වෙන්නේ එක පාලන අධිකාරියක් යටතේයි. එසේ තිබියදී ගැටලුවක් මතු වූ විට නිශ්චිතව එම කරුණ සොයා ගැනීමට අපහසු වී තිබෙනවා. අර්බුදයට අයිතිකාරයෙක් නැහැ. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්න නීතිය සම්මත කර තිබුණේ මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරයි. එයින් බලශක්ති ස්වාධිපත්‍යයට බලපෑම් වන බව අප දැක්කා. එම නීතිය වෙනස් කළ එක අපරාධයක්ද? විදුලිබල සේවකයෝ අකුරට වැඩ කරන්නේ හෝ ලෙඩ නිවාඩු ගන්නේ ඒ නිසාද? ඒ අයට ඉදිරි මාස දෙකක කාලය තුළ තෝරා ගන්න මාර්ග තිබෙනවා.

කලාපයේ විදුලිබිල වැඩි රටවල්වල ඉදිරියෙන් ශ්‍රී ලංකාවත් සිටින බව සමහර අය කියනවා. අප එම නිසා විදුලි ඒකකයක පිරිවැය අවම කිරිමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල තිබුණේ ඉහළ මට්ටමකයි. පුනර්ජනනීය විදුලිය අවභාවිත කර තිබුණා. සමහර දියඇලි දේශපාලකයින්ගෙ හයිය අරගෙන ලයිසන් අරගෙන විකුණා තිබුණා. මේ ලයිසන් ගත් සමහර අයට විදුලිබලය ගැන කිසිදු දැනුමක් නැහැ. අප ආණ්ඩු බලය ලබා ගන්න කලින් උතුරේ යම් භූමියක සුළං විදුලිබලාගාරයක් ලබා දී තිබුණේ ඩොලර් ශත 8කටයි. අප ඒ භූමියම, ඒ සුළඟම භාවිත කරලා විදුලි ඒකකයක් ඩොලර් ශත 4කට නිපදවන ආයතනයකට ලබා දුන්නා. ඒ කියන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සියයට 50කින් අඩු කර ගැනීමට අපට හැකි වුණා. සියඹලාණ්ඩුවේ මෙගා වොට් 100ක සූර්ය විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් ආරම්භ කළේ පළමු වතාවටයි. මේ කිසිදු ව්‍යාපාරිකයෙක් අප හඳුනන්නේ නැහැ, අපේ මිතුරන් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ රටට වාසි වන ව්‍යාපෘති සිදු කිරීමයි.

කෙරවලපිටිය ආරම්භ වුණේ ඩීසල් බලාගාරයක් ලෙසයි. එහෙත් එය එල්.එන්.ජී බලාගාරයක් ලෙස පරිවර්තනය කිරිමට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ යෝජනා කළා. එසේ සිදු කළ‍හොත් විදුලි ඒකකයක් සියයට 50කට අඩුවෙන් නිපද විය හැකියි. එහෙත් 2015 – 2019 ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැති අතර ගැටුම ආවේ කෙරවලපිටිය ලබා දෙන්නේ කුමන සමාගමටද යන්න තෝරා ගන්න බැරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අදටත් කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න බැරුව තිබෙනවා. එම නිසා විදුලිබිල අඩු නොකිරීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත් වෙලා.

ඉදිරියේදී ත්‍රිකුණාමලයේ රජය සතු තෙල් ටැංකි 24ක නවීකරණය කර භාවිතයට ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් නිසි දිනට ආරම්භ කර නිම කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාස 08 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක ලාභයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ඉන්ධන සපයන්නේ ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොවෙයි. ඒ නිසා ඒ ලාභය ඍජුව ජනතාවට ලබා දෙන්න බැහැ. ඒ නිසා එම ලාභය අධ්‍යාපනය, සෞඛ්‍යය මඟින් වක්‍රව ජනතාවට ලබා දීමට අප කටයුතු කරනවා.

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද?

රාජ්‍ය සේවය වෙනුවෙන් 2027 වන විට රුපියල් කෝටි 33,000ක් වැටුප් වැඩි කිරිමට වෙන් කරනවා. එහෙත් එයින් ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවාද? කියන එක සිතන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ආයතනවල තානායම් තිබෙනවා. ඒවා වාණිජ භාවිතයට ගෙන ආදායම් ලැබීමේ මාවතකට ගෙන ආ යුතුයි. සමහර දේශපාලකයින්, හිටපු ජනාධිපතිවරුන් වසර 31ක් ඉඳලා තිබෙන්නේ රජයේ ගෙවල්වල. අප ඒවා වෙනස් කරනවා. රට ශිෂ්ට සම්පන්න කිරීමට අප කටයුතු කරනවා.

පාලකයෝ ‍දේවත්වයට ආරූඪ කළ යුගය අප අවසන් කළා. අප සියලු දේ දන්නේ නැහැ. දැනුම තිබෙන සියලුදෙනා කතා කරන්න. අප සියලුදෙනාට ඉඩ දී තිබෙනවා. විද්‍වතුන් කතා නොකර සිටීම අපරාධයක්. ඒ නිසා විද්‍වතුන් සහ ක්ෂේත‍්‍රවල ප්‍රවීණයන් කතා කළ යුතුයි. ඔවුන්ගේ අදහස් අරගෙන අප මේ රට හදන ගමන ඉදිරියට ගෙන යනවා. අප තෙතමනයක් ඇති මිනිස්සු. ඒ නිසා 2022 වගේ තෙල් පෝලිම්වල, ගෑස්‍ පෝලිම්වල මිනිස්සු මැරුණ වගේ අර්බුදයක් නැවත ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක් ඉදිකිරීම සඳහා M/s Indo East Engineering – Ceylex Engineering JV ආයතනය වෙත රුපියල් බිලියන 3.7ක සම්පූර්ණ මිලකට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. කොන්ත්‍රාත් කාලය මාස 24ක් වන අතර, ව්‍යාපෘතිය 2027 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින 97ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්නට පොලිසියට අවසර….

Next Post

දැඩි ආරක්ෂක රැකවල්ල මැද බැකෝ සමන් සහ තැඹිලි රුවන් වලස්මුල්ල අධිකරණය හමුවට… කජ්ජා ඝාතන සිද්ධියට දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.