බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්!

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බිල විශාල වශයෙන් වැඩි වී ඇත්තේ විදුලි ඒකක 180ට වඩා පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන 9,800කට ආසන්න ප්‍රමාණයක් සඳහා පමණක් බවත් එම ආගමික මධ්‍යස්ථානවල විදුලි පරිභෝජනය කළමනාකරණයට   මග පෙන්විය හැකි විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් දියත් කරනු ලබන බවත් මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත අද (23) විශේෂ ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා  විසින් දන්වා තිබේ.

පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය ද පැන නැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවත් ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

2022 වසර වන විට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් රටේ ප්‍රධාන විදුලි බල ජාලය හා සම්බන්ධය.  2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් (91 Gwh) ලබා දී ඇත.

පැවති විදුලි අය ක්‍රමය යටතේ රුපියල් 7.17ක් සාමාන්‍ය ඒකකයක් සඳහා විදුලි බල මණ්ඩලය අය කරගෙන ඇති අතර, තවත් රුපියල් 11.46ක් බැගින් සෑම ආගමික විදුලි පරිභෝජන ඒකකයක් වෙනුවෙන්ම විදුලි බල මණ්ඩලය විසින් වැය කරනු ලැබ ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අද වන විටත් බෞද්ධ සිද්ධස්ථාන සහ අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 15,527ක් විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිතා කරයි. තවත් 9,441ක් විදුලි ඒකක 31-90 අතර ප්‍රමාණයකුත්, ස්ථාන 3,274ක් විදුලි ඒකක 91-120 විදුලි පරිභෝජනයක් සහ ආගමික ස්ථාන 4,972ක් විදුලි ඒකක 121-180 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරයි.

බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 33,214ක් පවතින නව විදුලි අය ක්‍රමය යටතේ වුවද මාසික විදුලි බිල සඳහා දරන වැඩිම මුදල වන්නේ රුපියල් 4,000කට අඩු මුදලකි. ඊට වැඩි මුදලක් දැරීමට සිදු වන්නේ ඒකක 180ට වඩා පරිභෝජනය කරන ස්ථාන 9,800කට ආසන්න ප්‍රමාණයකට පමණි.

ඒ අනුව ඒකක 180ට වඩා අඩුවෙන් විදුලි පරිභෝජනය කරන හා ඒකක 180ට වඩා වැඩියෙන් විදුලි පරිභෝජනය කරන විහාරස්ථාන හෝ අනෙකුත් ආගමික ස්ථාන ලෙස වර්ග දෙකක් හඳුනා ගත හැකිය. නව විදුලි බිල සංශෝධනයත් සමග ඒකක 180ට වැඩි අධි විදුලි පරිභෝජනයක් සහිත ස්ථාන වෙත බලපෑමක් එල්ලවන බව සැබෑවකි.

අධි විදුලි පරිභෝජනයක් සහිත වෙහෙර විහාරස්ථාන හා අනෙකුත් ආගමික ස්ථාන හඳුනාගෙන, එම ස්ථාන වෙත විදුලි ඉල්ලුම් කළමනාකරණය සහ විදුලි සංරක්ෂණය සඳහා වන නිසි අධ්‍යයනයක් සහ අඛණ්ඩ සේවාවක් රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීමෙන් ලබා දීමටත්, එම ආගමික ස්ථාන රැක බලා ගනිමින් ආගමික, සමාජීය මෙහෙවර වෙනුවෙන් කැපවී සිටින ගිහි පිරිස් අතුරින් බලශක්ති කළමනාකරුවන් පත් කොට ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමටත් එම කාර්යයන් මාසිකව සමීක්ෂණය කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව ඒකාබද්ධ කොට සකස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඉතාමත් අධික මට්ටමේ විදුලි බිලක් ගෙවීමට සිදුවන ආගමික සිද්ධස්ථාන වෙත සූර්ය පැනල යෙදීම අතිශය ප්‍රායෝගික වන අතර, එසේ නොකොට වෙනත් විකල්ප වැඩපිළිවෙළක් මගින් සිදු වන්නේ කෙටිකාලීන පහසුවක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

එසේම සූර්ය පැනල නිෂ්පාදන මිලට යටත්ව ලබාදීමට හෝ යම් ආගමික සිද්ධස්ථානයක් සූර්ය පැනල ආනයනය කිරීමට කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට හා මහා නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පෙරදැරිව ප්‍රමුඛ හා අත්‍යවශ්‍යතා පදනම මත හඳුනාගත් ආගමික ස්ථාන වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් විශේෂ ක්‍රමවේදයක් මගින් සූර්ය පැනල සවි කිරීම සඳහා කටයුතු කිරීමටත්, ඒ සියලු උත්සාහයන් මගින් කිසිදු ආගමික සංස්ථාවක දෛනික, මාසික හෝ වාර්ෂික ආගමික කාර්යයන් සඳහා බලපෑමක් නොවන අයුරින් ආගමික, සමාජීය මෙහෙවර අඛණ්ඩව සිදු කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් කරන බව ජනාධිපතිතුමා මහානායක හිමිවරු වෙත යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී සිටී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ලාටොක්සීන් අඩංගු වස ත්‍රිපෝෂ  කළුතරට… තොගයේ කොටසක් ආ ගිය අතක් නෑ – උපුල් රෝහණ

Next Post

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පොලිස් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී කොටු…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.