සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලි ටිපර් රථය පැහැරගෙන විකුණන්න රියදුරුගේ අත් පා බැඳ ඝාතනය කරලා… සැකකාර මිනීමරුවන් 05ක් අත් අඩංගුවට..

by editor
දෙසැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදි ඊයේ ( 17 ) වැලි ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුව ගැටගසා ඝාතනය කර ටිපර් රථ‍ය පැහැරගෙන අලෙවි කිරීමට හැදූ පුද්ගලයින් පස්දෙනකු සැකපිට 18 වෙනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පැවසුවේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව දළුකාන අංක 237 ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙකු, වන එච්.ජී තුෂාර සඳුන් යන අය බව පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය පවසයි.

අරලගංවිල ප්‍රදේශයෙන් පැට වූ වැලි කියුබ් 03 ක් කුලියාපිටිය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ ( 17 0  අලුයම මනම්පිටිය කොටලීය ප්‍රදේශයේදී ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කොට, ටිපරයේ තිබූ වැලි මනම්පිටිය වනජීවී කාර්යාල අසලට හලා එම ටිපරය කදුරුවෙල දක්වා රැගෙන ගොස් නවතා තිබේ.

මේ අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිය සිය  ස්වාමියාට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොමැති බැවින් ඒ සම්බන්ධව පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇත.

මීට අමතරව ටිපර් රථයේ හිමිකරුද මේ පිළිබඳ පොළොන්නරුව පොලිසිය දැනුවත් කර තිබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස් උපකරණයෙන් ලැබෙන දත්ත පරීක්ෂා කර  පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය, වනජීවී නිලධාරින්ද එක්ව මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ රථය සහ  රියැදුරු සොයා මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

එහිදි මුව, අත්පා, ලණුවලින් ගැටගසා, මරා දමා තිබූ රියැදුරුගේ සිරුර මනම්පිටිය කොටලීය පාලමට නුදුරින් ලඳු කැලෑවක තිබි සොයා ගැනීමට හැකි වූ බව පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී.පතිරණ  අප කළ විමසීමකදී පැවසීය.

මෙම අපරාධයට අදාලව  අත්අඩංගුවට ගත් සැකකරුවන් මනම්පිටිය, වවුනියාව, මැදවච්චිය, කදුරුවෙල සහ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.     ඔවුන් අවුරුදු 30 ත් 40 අතර වයසේ පසුවන බවත්,රඳවාගෙන තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවද පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියයි.

සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු වෙනිදා දහවල් සිදුකිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගේ   උපදෙස් මත පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී. පතිරණ, මනම්පිටිය ‍පොලිස් ස්ථානාධිපති පී.ජී.ඒ.සී ආරියරත්න  ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07කට නායෙ යෑමේ රතු නිවේදන නිකුත් වෙයි…

Next Post

ආණ්ඩුව කාලගුණ විද්‍යා නිලධාරීන්ගේ කටවල් වහලා නිවාස අඩස්සියට පත් කරන්… විපක්ෂ නායක කියයි…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.