සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩේ මාට්ටු… දැන් ඉතින් මිනිස්සුන්ට උත්තර දෙන්න… රනිල්ටයි මරික්කාර්ටයි ජාතික ජන බලවේගය කියයි!

by editor
සැප්තැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට සමාජ මධ්‍යයේ වයිරල් වී ඇති රනිල් වික්‍රමසිංහගේ සහ එස්.එම් මරික්කාර්ගේ කුමන්ත්‍රණ වීඩියෝව පක්ෂ දෙකකින් ලකුණු දෙකකින් වෙන්ව තරග වැදුනත් තිරෙන් පසුපස ඇත්ත හෙළි කර ඇති බවත්, මේ පුද්ගලයින් ප්‍රකාශ කරන ආකාරයට ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිම මන්ත්‍රීවරයෙක් සිය වාහන පර්මිට් විකුණා නැති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

ඔහු කීවේ ජාතික ජන බලවේගයට මඩ අවලාද නිර්මාණය කරන ඒකාබද්ධ කණ්ඩායම දැන් හෙළිදරවු වී ඇති බවය. රනිල් වික්‍රමසිංහ සහ එස්.එම්.මරික්කාර් පක්ෂ දෙකක සිටියත් එකට එක් වී කරන මේ ලාභ කුමන්ත්‍රණ සම්බන්ධව දැන් ජනතාවට උත්තර දිය යුතු බවත් පවසන වෛද්‍ය නලින්ද ජයතිස්ස කියන්නේ මෙවැනි කතාවකි.

“රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙසත් සමගි ජන බලවේගයේ මධ්‍ය ප්‍රකාශකයා ලෙසත් සිදුකරන සංවාදයක් දැන් සමාජ මාධ්‍යවලට ඇවිත් තියනවා. මේ සංවාදය ඇතුළෙ පෙනෙනවා දෙගොල්ලන්ගේ ඩීල් එක. දෙගොල්ල එකතුවෙලා මේ කුමන්ත්‍රණය කරමින් ඉන්නේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා ව්‍යාපාරයට මඩ ගහන්න.”

“මේ සාකච්ඡාවෙන් කියැවෙන්නේ සජබ මන්ත්‍රී මරික්කාර් ගිහින් ජනාධිපතිට කියනවා අනේ සර් අපට වාහන පර්මිට් එක දෙන්න සර් අත්සන් කරන්න කියලා. ඊලගට ඔහු වැඩිමනත් එකතු කරනවා ජනතා විමුක්ති පෙරමුණෙ මන්ත්‍රීවරුත් මේ පර්මිට් එක ගත්තාය. අරන් එය විකුණලා ඒ අයගේ පක්ෂ අරමුදලට දාගත්තාය කියලා. ” 

“එතකොට රනිල් වික්‍රමසිංහ උපදෙස් දෙනවා ඔයා ඒගොල්ලන්ගේ එකවුන්ට්ස් ඉල්ලන්න. ඔඩිට් එකකට යන්න. එතකොට අපට මේක හෙළිදරව් කරන්න පුලුවන්නේ කියලා.”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“මෙහෙම තමයි මේ සාකච්ඡාව සංවාදය යන්නේ. මෙතනදි පේනවා රනිල් වික්‍රමසිංහ ඉස්සරහා මරික්කාර් ඉතා යටහත් පහත්ම මේ කුමන්ත්‍රණයේ දායකයෙක් වන ආකාරය. මේ දෙගොල්ලන්ටම උවමනාව තියෙන්නේ ජනතා පෙරමුණෙන් වාහන පර්මිට් ගත්තාය, ඒවා විකිණුවාය, විකුණලා පක්ෂ අරමුදලට දාගත්තාය කියලා බොරු මතයක් සමජගත කරන්න.”

“ඉස්සරවෙලා අපි කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් කවරෙක් හෝ තමන්ට ලැබෙන වාහන පර්මිට් එකක්වත් විකුණලා නෑ.”

“2005 ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වෙලා පලාත් සභා මන්ත්‍රීවරු 83ක් තේරුණ වෙලාවෙ අපට පර්මිට් 83ක් ගන්න තිබ්බා. අපි පර්මිට් දෙකයි අරගෙන වාහන ගත්තේ. ඉතිරි පර්මිට් 81කම යලි රජයට බාර දුන්නා. අපි වාහන ගන්නේ අවශ්‍යතාවය අනුව. ඒ පර්මිට් සඳහා වාහන ලබාගෙන තියනවා. ඒ වාහන එකක්වත් අප විකුණලා නෑ”

“මේ මරික්කාර් සහ රනිල් වික්‍රමසිංහ අතර සිදුවන සංවාදය පට්ටපල් බොරුවක්.”

“අනික මේ බොරුව සමාජගත කරන්න රනිල් සහ මරික්කාර් අතර කරන සාකච්ඡාව. මේක ඔඩිට් කරමු. පක්ෂෙ අරමුදලේ මේ මුදල් තියනවා ද බලමු වගේ සාකච්ඡාවක් යන්නේ. මේ තමයි මේ අය අතර ඩිල් එක. දෙපැතතේම ඉන්න හොඳම ඩීල් කාරයො දෙන්න එකතුවෙලා අද කරන කුමන්ත්‍රණය.”

“මෙන්න මේ අය ගේ දේශපාලනය. සජිත්ගේ කණ්ඩායමේ අය රනිල්ට බනිනවා වෙන්න පුලුවන්. රනිල්ගේ කණ්ඩායමේ අය සජිත්ට බනිනවා වෙන්න පුලුවන්. ඔවුන්ගේ තිරෙන් පසුපස දේශපාලනය තියෙන්නේ දෙගොල්ල එකතුවෙලා කුමන්ත්‍රණය කරමින් අවලාද ගහමින් මඩ ගහමින් කරන ඩීල්.”

“දැන් රනිල් වික්‍රමසිංහ සහ මරික්කාර් රටට උත්තර දිය යුතුයි මොනවද මේ කුමන්ත්‍රණ කියලා. නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කීවේය.”

ඔහු පැවසුවේ දෙගොල්ල පක්ෂ දෙකකින් ලකුණු දෙකකින් තරග කළ නමුත් එකවල්ලේ පොල් බවය. එක මල්ලේ ලුණු කෑ අය බවය. පසුගිය පළාත් සභා මාතිවරණය කල් දැමීමට මේ දෙපාර්ශවයම එකතු වී කුමන්ත්‍රණය කළ ආකාරය රනිල් වික්‍රමසිංහ පාර්ලමේන්තුවේ දී හෙළි දරවු කළ ආකාරයත් නලින්ද ජයතිස්ස සිහි කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට නොලැබෙන රට සවාරි, බාර් පර්මිට්, විමධ්‍යගත අමුදලේ විශේෂ ප්‍රතිපාදන සජබ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා ලබා දෙන බව ද නලින්ද ජයතිස්ස හෙළි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෞරාණික දාගැබ්වහන්සේ සංරක්ෂණයට භික්ෂූන්වහන්සේලා ශ්‍රම පූජාවක…

Next Post

විදෙස් ණය ගැනීම නවත්වා විදේශ මත යැපීමේ යුගය අවසන් කරන්නට ජනපති සියලු දෙනාගෙන් සහාය ඉල්ලයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.