සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ බලන තනතුරුවලට අරක්ගත් මළ පෙරේතයින්ගේ යටිකූට්ටු වැඩ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජාතික රෝහල් තුනේම ඉහළ තනතුරු පුරප්පාඩු වෙයි!

පරිපාලන කටයුතු අවුල් සහගත තත්ත්වයක... සෞඛ්‍ය පද්ධතියත් බිඳ වැටෙන්නටත් ඉඩ කඩක්!

by editor
ජූනි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

වරප්‍රසාදවලට  ඇති ආසාව හේතුවෙන් පුරප්පාඩු පිරවීමට ඇතැම් නිලධාරීන් දක්වන මැලිකම මත සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජාතික රෝහල් තුනේම ඉහළ තනතුරු හිස්වී පරිපාලන කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු ලෙස පවතින වෛද්‍ය සේවා, වෛද්‍ය සැපයුම්, අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ, දන්ත වෛද්‍ය සේවා, රසායනාගාර සේවා තනතුරු සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර, රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ තනතුර, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුර, ගාල්ල ජාතික රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක තනතුරු මේ වන විටත් පුරප්පාඩු වී ඇති අතර එම කිසිදු තනතුරකට ස්ථිර පත්වීමක් මේ වන තෙක් සිදුකර නොමැති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

වැඩ ආවරණය කිරීම පදනම යටතේ වෙනත් ආයතනවල සේවය කරන නිලධාරීන්ට මෙම ආයතනවල රාජකාරිය ආවරණය කිරීමට භාරදී ඇති බැවින් එම නිලධාරීන් සේවය කරන ආයතන හෝ වැඩ ආවරණය කරන ආයතන හෝ කිසිවක හෝ කටයුතු නිසි පරිදි සිදු කර ගැනීමට අපහසු වී ඇත.

ස්ථිර පත්වීම් නොමැති වීම හේතුවෙන් දැනට වැඩ බලන නිලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා මැලිකමක් දක්වන අතර ඇතැම් නිලධාරීන්ට ආයතන කීපයක වැඩ ආවරණය කිරීමට සිදුවීම හේතුවෙන් එම නිලධාරීන්ද අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ ඖෂධ මිලදී ගැනීම් සහ බෙදා හැරීම , රසායනාගාර සේවාව සම්බන්ධයෙන් තීරණ ගැනීම, දන්ත වෛද්‍ය සේවාව සම්බන්ධයෙන් තීරණ ගැනීම කාර්යක්ෂම විය යුතු නමුත් එම ආයතන මන්දගාමී තත්ත්වයකට පත්ව ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එසේම ලංකාව තුළ පවතින ප්‍රධාන පෙළේ රෝහල්වල ඇතිවී තිබෙන මෙම පුරප්පාඩු හේතුවෙන් එම රෝහල් කටයුතු ඉතාමත් මන්දගාමී තත්ත්වයට පත්ව ඇති අතර තවදුරටත් මෙම තත්ත්වය පැවතිය හොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ බරපතල තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය වෘත්තිකයෝ  පෙන්වා දෙති.

දැනට පුරප්පාඩු වී ඇති තනතුරු වලට අමතරව මෙම වසර අවසානය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරු 2ක් සහ නියෝජ්‍යාඅධ්‍යක්ෂ ජනරාල් තනතුරු 4 ක් පුරප්පාඩු වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වේ

කෙසේ නමුත් . මෙම තනතුරුවලට ස්ථිර නිලධාරීන් පත්කිරීම ප්‍රමාද කිරීම පිටුපස සෞඛ්‍ය අමාත්‍යාංශයේම ඉහල තනතුරු දරණ නිලධාරීන් සිටින බවත් ඇතැම් නිලධාරීන් තනතුරුවල වැඩ ආවරණය කරමින් එම තනතුරු වලින් ලැබෙන දීමනා සහ වරප්‍රසාද ලබා ගන්නා බැවින් ඔවුන් මෙම පුරප්පාඩු පිරවීම කඩිනම් නොකිරීමට හේතු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාන්තාව කළ දූෂණ අපරාධය ගැන සෞඛ්‍ය ඇමති පැහැදිලි කරයි…

Next Post

2.5%ක බස් ගාස්තු අඩුවීමක්… රජයේ තීරණයට බස් සංගම්වල විරෝධය!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.