දැනට වැඩ නැවති ඇති, ජපන් රජයේ ණය ආධාර සහ ප්‍රදානයන් මත ක්‍රියාත්මක කරමින් පැවතුන සියලු ව්‍යාපෘති ඉදිරි සති තුන තුළ නැවත ආරම්භ කරන බව ජපන් රජය අද (24) නිල වශයෙන් දැනුම් දී ඇත.
අද පස්වරුවේ කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිෂුකොෂි හිදේකි (Mizukoshi Hideaki) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත අයිඩේ යූරි (Ide Yuri) මේ බව ප්‍රකාශ කළහ.
ඒ සම්බන්ධයෙන් වූ නිල ලියවිල්ල ජයිකා ආයතනයේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබිණි. එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන වෙත අද නිළ වශයෙන් බාර දී ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීම, ඉතා දුෂ්කර පළාත්වල පානිය ජලය පහසුකම් වැඩි දියුණු කිරීම, වැනි වැඩ නැවැතී ඇති ව්‍යාපෘති 11ක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී ඉඩකඩ ලැබුණු ඇත.







