අනුරාධපුර – පර්සි කුරුනේරු –
මාසයකට අධික කාලයක් පැවති නියගය හමාර කරමින් කැබිතිගොල්ලෑව වාහල්කඩ ඩී 04,බෝගස් හන්දිය ප්රදේශයට අද (09)සවස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග අයිස් පතිතවී ඇත.
මේ අතර සවස 3.00 ට පමණ ඇද හැළුණු එම වර්ෂාව අතරතුර හමා ගිය සුලි සුළගකින් වාහල්කඩ ඩී 04 ප්රදේශයේ නිවාස දහයක පමණ වහල ගැලවීයාමෙන් දැඩි අලාභහානි සිදුවී තිබේ.
එම ප්රදේශයට පැය දෙකක පමණ කාලයක් වර්ෂාව ඇද හැළුණු බව ප්රදේශවාසීන් පවසති







