ගත වූ දින හත තුළ දිවයින තුළ සිදුව ඇති යතුරු පැදි සොරකම්වල යම් ප්‍රවණතාවක් දක්නට හැකි බව පොලිස් ආරංචි මාර්ග. සඳහන් කරයි. පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ කාලය තුළ වාහන සොරකම් 35ක් සිදුව ඇති අතර එයින් 28ක්ම යතුරු පැදි සොරකම් ලෙසින් වාර්තා වේ. මේ අනුව ත්‍රි රෝද රථ 07ක්ද නැති වූ බවට පොලිස් පැමිණිලි ලැබී ඇත.
මෙම වාහන සොරකම් සිදුවීම් රටේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන අතර මේවාට සම්බන්ධ විවධ කණ්ඩායම් සිටින බවට පොලිසිය සැක පළ කරයි. මෙම සංඛ්‍යාලේඛන විමසීමේදී දිනකට සාමාන්‍යයෙන් දිනකට යතුරු පැදි 04ක් පමණ සොරකම් කොට ඇත. ඊයේ ( 20) දිනය තුළ පමණක් වාහන සොරකම් සිදුවීම් 06ක් සිදුව ඇති අතර එයින් 04ක් යතුරු පැදි සොරකම් ලෙසින් වාර්තා වී ඇත.
මෙම ප්‍රවණතාව සලකා තමන්ගේ වාහන නවතා යාමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටී.







