බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපාරවලට සුදුසු රටවල් අතර චීනය ඔසවන්න ලෝක බැංකු ලොක්කන් ගැසූ ගැට එළිවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ව්‍යාපාරකරණයට සුදුසුම රටවල් (Doing Business Report ) වාර්තාවේ ව්‍යාපාරකරණයට සුදුසු රටවල් අතර චීනය ඉහළට දැමීම සඳහා ලෝක බැංකුවේ එවකට සභාපති ජිම් යොන් කිං සහ ප්‍රධාන විධායක නිලධාරිනිය එම දර්ශකය සකසන කණ්ඩායමට අයුතු බලපෑම් කළ බවට රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි. එවකට ලෝක බැංකු ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ ක්‍රිෂ්ටිනා ජෝර්ජියේවා වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන අතර මේ හේතුවෙන් මෙම අනාවරණය ඇයගේ ක්‍රියාකලාපය ආන්දෝලනාත්මක වී තිබේ.

බැංකුවේ ආචාර ධර්ම කමිටුවේ ඉල්ලීම පරිදි නීති සමාගමක් වන විල්මර්හේල් නම් ආයතනය විසින් සකස් කරන ලද මෙම විමර්ශණ වාර්තාව තවදුරටත් පවසන්නේ 2018 වසරේ වාර්තාව සැකසීමේදී මෙම අකටයුතුකම් සිදුව ඇති බවයි. මෙම චෝදනාව හේතුවෙන් පසුගියදා ලෝක බැංකුව මෙම වාර්තාව සම්පූර්ණයෙන් අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර බැංකුවේ සදාචාර කමිටුව සහ මෙම විවාදිත වාර්තා මඟින් ලෝක බැංකුවේ හිටපු ප්‍රධානීන් ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සදාචාරත්මක ගැටලු පැන නැගී ඇති බව සඳහන් කර තිබේ.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන දෙකේම වැඩිම කොටස් අයිකියක් ඇමෙරිකාවට හිමි වන අතර එම කළමනාකරණය කිරීමේ වගකීම දරන්නේ අමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේනතුවයි.මේ අනුව ඇමෙරිකානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත්තේ මෙම බරපතල සොයා ගැනීම් සම්බන්ධයෙන් තමන්ද විශ්ලේෂණය කරන බවය.
ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් දර්ශකයේ චීනය ඉහළ නැංවීම සඳහා වාර්තව සැකසීමේ ක්‍රමවේදය වෙනස් කරන ලෙස හිටපු ලෝක බැකු සභාපති ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සේවකයින්ගෙන් සෘජුව ” බලපෑම් කිරීම විල්මර්හේල් වාර්තාවෙන් උපුටා දක්වා ඇති අතර, එය බොහෝ විට ඔහුගේ මෙහෙයවීම මත සිදු වූ දෙයක් විය හැකි බවට වාර්තාවේ සඳහන් වෙයි.

ලෝක බැංකුවේ විශාල ප්‍රාග්ධන වැඩිවීමක් සඳහා චීනයේ සහයෝගය අපේක්ෂා කරන අවස්ථාවක ජෝර්ජීවා සහ ප්‍රධාන උපදේශක සිමියොන් ජැන්කොව් “චීනයේ දත්ත ස්ථාන වල නිශ්චිත වෙනස්කම් සිදු කරන ලෙස සහ ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවන ලෙස කාර්ය මණ්ඩලයට බලපෑම් කළ බව එහි සඳහන් ය.
මූලික කෙටුම්පත් වාර්තාව හා සසඳන විට දත්ත ක්‍රමවේදයේ වෙනස්කම් සිදු කිරීමෙන් පසු 2017 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ ‘ඩුයින් බිස්නස් 2018 (Doing Business 2018) ’ වාර්තාවේ චීනයේ ශ්‍රේණිගත කිරීම ස්ථාන 7 ක් ඉහළ ගොස් 78 වන ස්ථානයට පත්ව ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම අනාවරණයෙන් මහත් අපහසුතාවකට මුහුණ දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ජෝර්ජියේවා මහත්මියයි. ඇය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ මෙම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාසෙක පාඩුව කෝටි 1500යි… සුරාබදු කොමසාරිස් යළිත් ඔන්ලයින් අරක්කු විකුණන්න යෝජනා කරයි!

Next Post

මනූෂ නානායක්කාර රහස් පොලීසියට කැඳවයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.