අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථා සංශෝධන ගැටේ ගහලා අන්තිම පාරටත් ඡන්දය කල් දාගන්න හදන වැඩේ ප්‍රතිඵල එනකොට රනිල් ගෙදර… අනුර කියයි!

by editor
ජූලි 17, 2024
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ඡන්දය කල් දමාගැනීමේ අවසන් අභිප්‍රාය සඳහා සිහින දකින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවසාන උත්සාහය වූ කඩිනම් ව්‍යවස්ථා සංශෝධන ගැටයත් ගැලවී යන ආකාරය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෙළිදරවු කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ දැවැන්ත මහජන සහභාගීත්වයක් සහිතව ඊයේ (16) මහනුවර පැවැත්වූ ජන රැළිය අමතමිනි.

පවතින තත්ත්ව විග්‍රහ කළ බැලූ විට බොහෝ දුරට සැප්තැම්බර් 28 ජනාධිපතිවරණය පැවැත්වෙන බව පැවසූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා ගැටය බුරුල්වන ආකාරය එහිදී පැහැදිලි කරන්නේ මෙසේය.

“බන්දුල ගුණවර්ධන කියනවා මේ ව්‍යවස්ථාවෙ ගැටලුවක් තියන්‍වා පහද හය ද කියලා. ඒ නිසා ටක්කේටම හයයි කියන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න කැබිනට් මණ්ඩලය තීරණය කළාලු.”

“අපේ රටේ කැබිනට් මණ්ඩලයට නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ මුළු බලය තියෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට. කවර හෝ කෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙගිඩියාවක්, සැකයක් තිබෙනවා නම් ඒ සැකය දුරු කරන්නේ කවුද, ශ්‍රේෂ්ඨාධිකරණය.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ශ්‍රේෂ්ඨාධිකරණය මේ පහද හයද කියන ප්‍රශ්නය අවස්ථා තුනක දි විසඳලා තියනවා.
ඒත් පහද හයද කියලා තවත් ගැටලුවක් තියනවලු රනිල්ට. අපිට නම් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයටත් නෑ. ජනතාවටත් නෑ. පහෙන් ජනාධිපති ඡන්දයක් තියලත් තියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තුන් පාරක් කියලත් තියනවා. ඒත් රනිල්ට එ් ගැන සැක නිසා හය තියන තැනට පහ ගේන්න ඕන කියලා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන කියලා.”

“හය තියෙන්නේ අසු තුන ආ වගන්තයේ. ඒක සංශෝධනය කරන්න ජන මත විචාරණයක් ඕන. 19 වැනි ව්‍යවස්ථාව හදපු නීතිඥ කණ්ඩායම කල්පනා කළේ මොකක්ද, ජන මත විචාරණයකට තුඩු දෙන්නේ නැතිව 19 සම්මත කරගන්න තමයි එදා අපේක්ෂාව තිබුණෙ. ඒ නිසා 83 වගන්තියට අත තිබ්බෙ නෑ.”

“දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියනවා 83 වගන්තිය සම්මත කරන්න. 83 වගන්තිය කියන්නේ මොකක් ද?. ජනමත විචාරණයක් .

දැන් ජනාධිපති ඡන්දය . ඒ අතර ජනමත විචාරණයක්. හැබැයි ඕකට මොකද වෙන්නේ.

අද කැබිනට් මණ්ඩලය සම්මත කළා. හරි… ඉලඟට…. ඊලඟට මේක ගැසට් කරන්න ඕන. ගැස්ට් කරලා ගැසට් එකේ සතියක් තියන්න ඕන.

ඊලඟට මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. කාට හරි පුරවැසියෙකුට අධිකරණයට යන්න පාර්ලිමේන්තුවෙ සති දෙකක් තියන්න ඕන.

“අධිකරණයට ගියාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට සති තුනක් දෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කළහොත් එය නැවත වරක් පාර්ලිමේන්තුවට එන්න ඕන. ”

“පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකෙන් අනුමත වුනාට පසසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජන මත විචාරණයක් ඕන කියන නිසා එතැන් සිට මාසයක් ඇතුළත මැතිවරණයක් පවත්වන්න කියලා ජනාධිපතිවරා විසින් පවසනවා.”

එතකොට රනිල් ගෙදර.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවීමට සැරසෙන අධ්‍යාපන ලේකම්ට එරෙහිව ගුරු අධ්‍යාපනඥයෝ අද ලෙඩ නිවාඩු වාර්තා කරති!

Next Post

දැඩි ආරක්ෂව මැද කළුබෝවිල දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිය සුව අතට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.