රාජපක්ෂලා තම පාලන සමයේ උගන්ඩාව ඇතුළු රටවල් ගණනක ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි වසර ගණනක් තිස්සේ අනුර දිසානායක විසින් චෝදනා කරන බවත්, දැන් බලයට පැමිණ ජනාධිපතිවරයා වී සිටින ඔහුට පුලුවන් නම් එදා කළ චෝදනා ඔප්පු කරන ලෙස තමන් අභියෝග කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක කළ ප්‍රකාශයක් X සමාජ වේදිකාවේ තම ගිනුමෙහි පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවය.
දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසයි.
President @anuradisanayake and his team have been alleging for years that we have stashed away billions of dollars in Uganda and various countries. It is now time for President AKD to prove his allegations. pic.twitter.com/PU93ORSXHh
— Namal Rajapaksa (@RajapaksaNamal) October 2, 2024







