දිනසේන රතුගමගේ –
වසර 35 කට පසුව යාපනය පලාලී මාර්ගයේ ලංගම බස් රථ ධාවනය ඊයේ (29) ආරම්භ කළේය.
මෙම මාර්ගයේ වාසවිලාන් හන්දියේ සිට කිලෝ මීටර් 4 ක් දුර වසර ගණනාවක්ම වසා දමා තිබී එම කොටස පසුගිය මාසයේදී මහ ජනතාව සදහා යළි විවෘත වීමෙන් පසුව ලංගම බස් රථ ධාවානය ආරම්භ කොට තිබේ.
නව බස් රථ ධාවනය කෙරුණු අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය බවානන්දරාජා, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ ගමනාගමන මණ්ඩල සේවකයින් මහජනතාව ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.








