අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්ත මුදලිගේ අධිකරණයට ගෙන විට අධිකරණය ඉදිරිපිට රැස්වී අධිකරණයට අපහාස කළැයි සිරිධම්ම හිමි ඇතුළු  08කට සිතාසි..

පනත් තුනක් යටතේ කෙහෙල්වත්ත පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි...

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ දී   කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මඟ අවහිර කරමින් අධිකරණ කටයුතුවලට බාධා කර  අධිකරණයට අපහාස කලේ යැයි චෝදනාව මත පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්  දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු දැනට ඇප මත නිදස් වී සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි   ඇතුළු අට දෙනෙකුට  ලබන ජනවාරි මස 31 වැනි දින අධිකරණය හමුවේ පෙනී  සිටින ලෙසට දන්වා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ (14) සිතාසි නිකුත් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ගල්වැව සිරිධම්ම හිමි, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, කරව්වේ ජිනරතන හිමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගෝ, මාලා ප්‍රනාන්දු හා පොකුණුවිට සිරිසෝම හිමි වෙත මෙලෙස අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

පසුගිය 12 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අලුත්කඩේ අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන අවස්ථාවේ දී පෙරවරු 11 සිට පස්වරු 02 දක්වා කාලය තුළ දී අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස්වී සිටි බවත්, ඔවුන් අධිකරණය ආසන්නයට පැමිණ විශාල පුවරු රැගෙන විරෝධතාවයක් ද පැවත් වූ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

නීතිඥවරුන්ට සහ මහජනතාවට දොරටුවෙන් ගමන් කිරීමට නොහැකි සේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් “අරගලයට ජයවේවා“ “වසන්ත මුදල්ගේ නිදහස් කරන්න“ වැනි සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා ඇත.

මෙසේ අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් සහ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීමෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 140, මංමාවත් පනතේ 59(1) අධිකරණ සංවිධාන පනතේ 55(1) (2) වගන්ති ප්‍රකාරව සැකකරුවන් වරද සිදුකර ඇති බැවින් ඉහත නම් සඳහන් පුද්ගලයින්ට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන මෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාල කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අට දෙනාට ලබන ජනවාරි 31 අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර දෙන මුවාවෙන් මත් පෙති බෙදන දොස්තරලා ගැන රට වටෙන් පැමිණිලි!

Next Post

යූරියා ගල්  වෙලා… ගල්වුන යූරියා  කැට කුඩුකර යූරියා පවුඩර් දීලා… පොලොන්නරුවේ වී ගොවීන් අනාථයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.