ශ්‍රියානි විජේසිංහ –
මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමේ ප්‍රතිකාරවලදී ලබා දෙන ඇතැම් ඖෂධ පුද්ගලයින් මත් කරනවා පමණක් නොව එම ඖෂධවලට ඇබ්බැහිවීමක් ද සිදුවෙමින් ඇති ආකාරය වාර්තාවන බවත්, මෙවැනි ඖෂධයන් ලබාදෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පැමිණිලි විශාල වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබෙමින් පවතින බවත් එම අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා සඳහන් කරයි.
මෙසේ ඖෂධ අවභාවිත කරන වෛද්‍යවරු සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට කොතෙක් පැමිණිල ලැබුණද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අධිකාරියේ පනත මගින් අවසර ලබා දී නොමැති බැවින් මෙවැනි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි යැයි අමිත් පෙරේරා සදහන් කළේය.
ඒ ඒ ප්‍රදේශවල මතට ඇබ්බැහිවුණ තරුණ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපාරය කරගෙන යන බවත් ඒ සදහා අධික මිල ගණන අයකරන බවත් වාර්තා වී ඇතැයි පැවසේ.
පොලිසිය, සිවිල් සංවිධාන, සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, විශේෂ පොලිස් වැටලීම් ඒකක මගින් පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් මෙසේ ඖෂධ අවභාවිත කරන වෛද්‍යවරුන් අනුරාධපුරය, රත්නපුරය, දඹුල්ල, කල්මුණේ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක සිටින බවත් මින් ඇතැම් වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කරන අය බවත් වාර්තා වී ඇතැයි අමිත පෙරේරා පැවසුවේය.