පසුගිය මාසය තුළදී දිනකට කොවිඩ් මරණ 38ක් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශය මගින් නිවැරදි දත්තයන් ලබා නොදීම හේතුවෙන් මරණ සංඛ්‍යාව නිවැරදිව ගණනය කළ නොහැකි නමුත් ඔවුන් ඉදිරිපත්කරන තොරතුරු ඇසුරින් සිදු කළ ගණනය කිරීම්වලට අනුව දිනකට කොවිඩ් මරණ 38ක් ආසන්න වශයෙන් සිදුවන බව සඳහන් කළ හැකියැයි සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කරයි.
වැඩිම මරණ සංඛ්‍යාව බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙන් සිදුවන අතර කොවිඩ් මරණවලින් සියයට 28ක් කළුතර දිස්ත්‍රික්කයේ නිවෙස්තුළ මිය යාම් බවට වාර්තා වී ඇති අතර මෙය කොළඹ දිස්ත්‍රික්කය තුළ සියයට 18ක් යැයිද වෛද්‍ය කොළඹගේ පෙන්වාදේ.
නිවෙස්තුළ රැදෙන කොවිඩ් ආසාදිතයින්ව නිරන්තරයෙන්ම පරික්ෂා කිරීම් වෛද්‍ය උපදෙස් ලබා දීම අසාධ්‍ය තත්ත්වයන් වලදී ප්‍රතිකාර මධ්‍යස්ථානයන් කරා ගෙන ඒම වැනි වැඩපිළිවෙළ ක්‍රමවත් නොවීමෙන් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස්තුල මිය යාමට සිදුව ඇතැයි ඔහු පෙන්වාදේ.
රට තුළ ඉතා භයානක තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් නිසි වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙය ඉදිරියේදී තවත් දරුණු අතට හැරීම වැලැක්විය නොහැකි වනු ඇතැයිද සංගමය අවදාරණය කරයි.
රටතුළ නිර්මාණය වෙමින් පවතින මෙම භයානක තත්ත්වයට වසංගත රෝග විද්‍යා අංශය මුලුමනින්ම වගකිවයුතු යැයිද සංගමය පෙන්වාදේ.