දිනසේන රතුගමගේ –
වවුනියාව නෙඩුන්කේණී ප්‍රදේශයේ මාරඉලුප්පෙයි ගම්මානයෙන් කොරෝනා රෝගය වැළදුණු වයස අවුරුදු දහයක පාසල් ශිෂ්‍යාවක් අද ( 18 ) හඳුනා ගත්තේය.
මෙම දැරියගේ මව වවුනියාව රෝහලේ සේවිකාවක්වන අතර ඇයට කොරෝනා රෝගය වැළඳීමෙන් පසුව දියණියව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ. පසුව ශිෂ්‍යාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
එම දැරිය කොරෝනා රෝග මර්දන රෝහලක් වෙත යවා ඇති අතර දැරිය ඇසුරු කළ නව දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට තිබේ.