අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වලපනේ ගුරුවැටුප් හොරා වරද පිළිගෙන හොරකම්කළ ලක්ෂ 89ක් ගෙවන්නට එකඟ වෙයි!

by editor
දෙසැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් කෝටියකට ආසන්න  මූල්‍ය අක්‍රමිකතාව සිදුකළ බව කියන නිලධාරියා වරද පිළිගෙන රජයට සිදුවූ  අලාභය ලෙස දැනට  අනාවරණය වී ඇති  රුපියල් ලක්ෂ 89 ක මුදල ගෙවීමට එකඟතාව පළකර තිබේ.

මේ අනුව දැනට ගණන් බලා තිබෙන අලාභය එම  පුද්ගලයාගෙන් අයකර ගැනීමට අවසර අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මගින්  පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ඊයේ (29) ලිපියක් යොමුකර ඇත.

අදාළ මුදල් වංචාවේ ප්‍රමාණය අවසන් වශයෙන් තක්සේරු කර වාර්තාවක් නිකුත් කරන තෙක් දැනට අනාවරණය වී තිබෙන මුදල අයකර ගැනීමට කටයුතු කරන  බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා  ලිපියේ  සඳහන් කර තිබේ.

හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාල‌යේ  ගිණුම් අංශයට අනුයුක්තව සංවර්ධන නිලධාරිවරයෙක් ලෙස සේවය කර තිබෙන අදාළ පුද්ගලයා  2012 වසරේ සිට ගුරු වැටුප් ගෙවීමේදී මෙම මූල්‍ය  වංචාව සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට සේවයේ නියුක්ක සහ විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී ඔහුගේ බිරිය  ඇතුළු තවත්  පුද්ගලයින්ගේ නම් උපයෝගි කරගෙන සකස් කළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරමින් මෙම වංචාව ඔහු විසින් සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාට 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී තිබේ.

මේවන විට වලපනේ ප්‍රාදේශීය සභාවේද රුපියල් ලක්ෂ 37 ක මූල්‍ය වංචාවක් සිදුව තිබෙන අතර එයටද මෙම පුද්ගලයා සම්බන්ධව ඇතැයි විමර්ශන නිලධාරීන් සැක කරයි.

රාජ්‍ය නිලධාරියෙකු විසින් යම්  වංචාවක් සිදුකර තිබෙන බව මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ අවස්ථාවක  සිදුව තිබෙන අලාභය ඔහුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් පරීක්ෂණය යන අතරතුර එම පුද්ගලයා අදාළ අලාභය ගෙවීමට එකඟ වුවහොත් එය  අයකර ගතහැකි බව මුදල් රෙගුලාසි යටතේ දක්වා තිබෙන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න   කීය.

වරද පිළිගෙන මේ ආකාරයට අලාභය ගෙවීමට එකඟ වුවත් අදාළ පුද්ගලයාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ඒ අයුරින්ම සිදුවන බවද ඔහු  ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති හමුවෙන් ලේක්හවුස් ප්‍රධාන කර්තෘවරුන් හතර දෙනාම හැලෙයි !

Next Post

 තව දින 04කින් ගොවියො කවුද කියලා බලාගන්න! – වලව ගොවීන්ගෙන් ආණ්ඩුවට පණිවිඩයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.