පසුගිය 31 වැනිදා හාරිස්පත්තුව වරාතැන්න ග්‍රාම නිලධාරීවරයා සිය කාර්යාලය තුළ රාජකාරි කරමින් සිටිය දී ඔහුට උදැල්ලකින් පහර දී පිහියකින් කට කපා දැමිමේ චෝදනාවට අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු ගෙල වැල ලාගෙන මියගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිරුර හමුවී ඇත්තේ හල්ලොලුව පොල් වත්ත රක්ෂිතයේ තිබියදී ය. සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවත් මළ සිරුර ඊයේ (02) දින සොයා ගත් බවත් පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා 61 හැවිරිදි වියේ පසුවන්නෙකි. පහර කෑ ග්‍රාමසේවකවරයා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ විමර්ශනයක් පවත්වයි.







