බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරද ජනතාව දැනුවත් කිරීමයි.. මේ තමයි මා කළ ජනතා මෙහෙවරට ලැබුණු තෑග්ග…

වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණඩාර

by editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡාව – ශ්‍රියානි විජේසිංහ

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ මොහොතේ රටේ කතාබහට ලක් වන විශේෂ චරිතයකි. එසේ වන්නේ රට වසංගත ආපදා තත්වයකට මුහුණ දී සිටින තීරණාත්මක මොහොතක ජනතාව අතර ප්‍රසාදයක් දිනා ගනිමින් සිය වගකීම් කොටස කළ බව විශ්වාස කරන ඔහු වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරින් එක්වරම ඇද දැමීමය.

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ලංකාසර සමග විශේෂ සාකච්ඡාවකට එක්වන්නේ රට තුළ කොවිඩ් රැල්ලක් යළිත් තීරණාත්මකව මතුවී රටේ ආර්ථික සමාජ දේහය උඩු යටිකුරු කරමින් සිටින අවස්ථාවකය.

  • සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයෙ එකම විභාගයක්වත් සමත් නොවුණු අය සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ අධ්‍යක්ෂ ධුර දරනවා.. මාව ලක් වුනේ ඉලක්ක කළ පුද්ගලික පලිගැනීමකට

  • මගේ තනතුර ඉහළ දැමුවා කියලා   සමහර සෞඛ්‍ය නිලධාරීන් කියන කතාව බොරුවක්… මාව තනතුරින් පහළට ඇද දැම්මා…

  • දැන් මගේ කට වහලා නිහඬ කරලා තියෙන්නෙ.. ඒත් ඉන් ජනතාවට වෙන සෙතක් නෑ….

ප්‍රශ්නය – අපි පසුගිය වකවානුවේදී පළමුවෙනි දෙවෙනි කොරෝනා රැල්ල සාර්ථකව නිමකලා ඒත් මේ වන විට ගොඩනැගී ඇති තුන්වන රැල්ලට   අපට සාර්ථකව මුහුණ දීමට දැඩි අපහසුවක් තියෙනවා.  මෙහෙම වුණේ ඇයි?  

පිළිතුර – කොරෝනා කියන්නේ මුළු ලෝකයම ව්‍යයසනයට පත්කල රෝගයක් . මේ රෝගයේ හැසිරීම මේ වගේ තමයි‍. ලෝකයේ දියුණු රටවල්වලට පවා කොරෝනත් එක්ක හැප්පෙන්න බැරිවෙලා තියෙනවා. අපේ රටට මේක දැනෙන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා . ඒ කියන්නේ අපට මෙතෙක් කාලයක් සමාජයෙන් රෝගීන් වාර්තා වුණේ නැහැ. නමුත් මේ බ්‍රැන්ඩික්ස් පොකුර සමාජයෙන් වාර්තා වුණ කොවිඩ් තත්ත්වයක්. මේ රෝගයේ අගක් මුලක් තවමත් හොයාගන්න බැරිවෙලා තියෙනවා. කොරෝනා රෝගයේ ස්භාවය මෙයක් කියලා අපි හඳුනා ගන්න ඕනේ .

ප්‍රශ්නය- මෙවැනි තත්ත්වයක් රටතුළ කොයි මොහොතක හරි උද්ගත වෙයි කියලා සෞඛ්‍ය අංශයේ ප්‍රබලයෙක් ලෙස ඔබ දැන සිටියාද?

පිළිතුර – ඔව් මම මුල සිටම මෙවැනි තත්ත්වයක් පැන නගියි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. ඒ තත්ත්වය ටිකක් ප්‍රමාද කරන්න ඕනේ කියලා මම විශ්වාස කලා.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ප්‍රශ්නය– එය ප්‍රමාද කරන්න ඕනේ කියලා ඔබ විශ්වාස කෙරුවා නම් ඒ සඳහා ඔබ මොනවද කළේ?

පිළිතුර – මේ රෝගයෙන් මිදිය සිටිය හැක්කේ මේ ආකාරයටයි කියලා මම නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළා. ඒ දැනුවත් කිරීමේ පණිවුඩ ජනතාව හොදින් තේරුම් ගත්තා. ඔවුන් ඒ අනුව ජීවත් වුණා. ඒ නිසා අපට පළමු දෙවනි කොරෝනා රැල්ල ඒ තරම්  බලපෑමක් ඇති කළේ නැහැ.

ප්‍රශ්නය – ඒත් ඔබ මේ වන විට නිශ්ශබ්දයි… ඔබගේ අතිනි ඒ දැනුවත් කිරිම සිදුවෙන්නේ නැහැ?

පිළිතුර – ඔව් පසුගිය දිනවල කොවිඩ් රෝගය මැඩපැවැත්වීම මා දිවිහිමියෙන් කටයුතු කළා. මම එදා කළ ජනතා මෙහෙවරට මට හොඳ තෑග්ගක් ලැබිලා තියෙනවා. ඒ තමයි   මාව නිහඩ කරන එක. අද මාව නිහඬ කරලා තියෙනවා. මාව නිහඬ කිරීමෙන්  කිසිම වාසියක් රටට හෝ ජනතාවට සිදුවෙන්නේ නැහැ.   කළ යුත්තේ ජනතාව දිගින් දිගටම දැනුවත් කරලා ඔවුන්ට ශක්තිමත් කරන එක විතරයි.

ප්‍රශ්නය- ඔබ නිහඬ කරලා කියලා ඔබ කියනවා. ඒත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කියනවා ඔබ දැරූ තනතුර තවත් ඉහළට ඔසවා තැබුවා කියලා. මේ කාරණය මොකක්ද?

පිළිතුර – අමූලික බොරු. මම වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. මාව ඒ තනතුරෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දක්වා මාරුකළා. ඉතින් කොහොමද කියන්නේ මගේ තනතුර ඉහළ දමලා කියලා. 

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට ඔබ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වැනි ආතනයක් පරිපාලනයට සුදුසුකම් සහිත පරිපාලකයෙක් නෙවෙයි?.

පිළිතුර –  සෞඛ්‍ය පරිපාලන සේවයේ කඩඉම් විභාග තුනක් තියනවා. ඉන් දෙකක් සමත් වෙලයි මම ඉන්නේ. තුන්වන විභාගය සඳහා සූදානම් වෙනවා. මීට කලින් මම රාගම පුනරුත්ථාපන රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස අවුරුද්දක් සේවය කළා. එහි දී මා පෙන්වූ හැකියාව සහ දක්ෂතාවය සලකා බලලයි මා මේ තනතුරේ පිහිටුවන්න සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ. එක්වරම නුසුදුස්සෙක් කියලා කියන්න තියන සාධාරණ හේතු මොනව ද?. ඒ සියලුම චෝදනා මුලුමනින්ම අසත්‍යයයි.

ප්‍රශ්නය-  ඉතින් ඔබට තව එක් විභාගයක් සමත් වෙන්න තියනවා නේද සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ තහවුරු වන්න..

පිළිතුර – ඔබට මේ තත්වය ගැන හරි වැටහීමක් තියනවා නම් මේ ප්‍රශ්නය නගන්නෙ නෑ,.. ඔබ දන්නව ද සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයෙ එකම විභාගයක්වත් සමත් නොවුන පුද්ගලයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමහර ආයතනවල අධ්‍යක්ෂ ධූර දරනවා.  ඉලක්ක කළ පුද්ගලික පලිගැනීමකටයි මම ගොදුරු වුනේ….

ප්‍ර- දැනට ලෝකයේ අනෙකුත් රටවල් කොවිඩ් ජය ගැනිම සදහා කරනු ලබන පීසීආර් පරික්ෂණ අප රට තුළ සිදුකරන අන්දම නිවැරදිද? හා ප්‍රමාණවත්ද?

පිළිතුර – ලෝකයේ අනෙකුත් රටවල කොරෝනා පැතිරෙන ආකාරය හා ඒ රටේ ජනගහනයට අනුව කොතරම් පීසීආර් පරික්ෂණයක් කළ යුතුද කියලා තීරණය කරනවා.  අපේ රට තුළත් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුවෙනවා. දැනටත් අපි පරක්කු නැහැ. කොතරම් පරික්ෂණ සංඛ්‍යාවක් දිනකට කළ යුතුද කියලා අපි සැලසුම් සකස් කර ගත්තොත් හොඳයි. අපේ රටේ ජනගහනයෙන් සියයට 18ක්ම වැඩිහිටි ජනගහණය. ලෝකයේ කොරෝනා රෝගයෙන් වැඩි වශයෙන්ම මියගියේ වැඩිහිටි ජනගහණය. ඒ නිසා අපි මේ සියයට 18 ප්‍රතිශතය කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනිමට කටයුතු කළ යුතුවෙනවා. ඒ වගේම මේ කොටසට රෝගය වැළදුණහොත් ඔවුන්ට අවශ්‍ය දැඩිසත්කාර සේවාවන් ලබාදීම ප්‍රතිකාර සේවා ලබා දීමට අවශ්‍ය පහසුකම් කල් ඇතිව සැලසුම් කළයුතු වෙනවා.

ප්‍රශ්නය – වර්තමනයේ පැනනැගී තිබෙන කොරෝනා තුන්වන රැල්ලේ ස්භාවය අපට පාලනය කර හැකි තත්ත්වයක පවතින්නේද යන්න පිලිබදව ඔබට යමක් කිව හැකිද?

පිළිතුර – මේ තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද රෝගය කොහින් කොහින් මතුවෙනවාද කියලා හරියටම කියන්න බැහැ. මොණරාගලින් , යාපනයෙන්, ගම්පහෙන්, කාසල් රෝහලෙන්, රෝගීන් මතු වුණා. මේ තත්ත්වය ඉතාමත් භයානකයි. අපිට කරන්න පුළුවන් එකම දෙය තමයි රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දුන් නීති රීති ඒ ආකාරයෙන්ම පිලිපදින එක.

නිවසක එක පුද්ගලයෙකු හරි මේ නීති රීති හෑල්ලුවට ලක්කළා කියන්නේ නිවසේ සියලුම දෙනා අනාරක්ෂිත තත්ත්වයට පත්වෙනවා කියන එකයි. රෝගය කොතරම් භයානක වුණත් අපි නිසියාකාරව සෞඛ්‍ය නීති රීති පිළිපදිනවා නම් රෝගයෙන් ආරක්ෂාවීම අපහසු කාරණයක් නෙවෙයි.‍

මුලින් අප අනුගමනය කළ ආරක්ෂිත වැඩ පිළිවෙල බොහෝ දෙනෙකු හෑල්ලුවට ලක්කලා. මුඛආවරණයත්වත් නැතිව සමහර පුද්ගලයින් පාරේ ගමන් කළා. සබන් ගා දෑත් සෝදන එක ඇතැම් අය අමතක කලා.   අපි ඒ තත්ත්වයෙන් මිදී යලිත් නිශ්ඡිත ආරක්ෂිත වැඩ පිළිවෙලට අනිවාර්යයෙන්ම අවතීර්ණ විය යුතුයි..

 

                   

 

 . 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

Next Post

අතරමං වූ දැරියක් සිවු දෙනෙක් දූෂණය කරලා… සමාජයේ තිරිසන්කම කියන ඇත්තම කතාවක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.