බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනිඳුට සහ දසුන්ට ශ්‍රි ලංකා ක්‍රිකට් බෑ කියයි!

by editor
ජූනි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක  සහ වනිඳු හසරංග විදේශීය ක්‍රිකට් ලීගයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබූ  ‘විරෝධතා නොදැක්වීමේ  සහතික’ (No Objection Certificates)  ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  ප්‍රතික්ෂේප කර තිබේ.

දසුන් ශානක සහ සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එක්සත් ජනපද විස්සයි20 ක්‍රිකට්  ලීගයේ සමාරම්භක සංස්කරණයට සහභාගී වීම සඳහා මෙම විරෝධතා නොදැක්වීමේ සහතික  ඉල්ලා තිබුණි.

ජූලි 13 සහ 30 අතර ටෙක්සාස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන “මේජර් ලීග් විස්සයි20” තරගාවලියේ සමාරම්භක සංස්කරණය සඳහා “වොෂින්ටන් ෆ්‍රීඩම්” විසින් හසරංග තෝරාගෙන තිබුණු   අතර “සියැටල් ඔර්කාස්” විසින් ශානක තෝරා ගෙන තිබිණි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විදේශීය ලීග් තරඟ දෙකකට පමණක් අවසර දීමට  ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයෙන් පසුව මෙම විරෝධතා නොදැක්වීමේ සහතික ප්‍රතික්ෂේප කළ බවයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සහ යෝජිත T10 ලීගය ඇතුළුව වසරකට ක්‍රීඩකයෙකුට ලීග් හතරකට පමණක් අවසර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) ගුජරාට් ටයිටන්ස් නියෝජනය කළ අතර, පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය නියෝජනය කරමින්  “පෙෂාවර් සල්මි”  කණ්ඩායමට සහ ජාත්‍යන්තර ලීග් T20 තරගාවලියේ  ඩුබායි කැපිටල්ස් නියෝජනය කර ඇත. ඒ අනුව ඔහු මේ වසර තුල මේ වනවිට   විදේශීය ලීග තුනක් ක්‍රීඩා කර තිබේ..

එමෙන්ම IPL තරඟාවලියේ Royal Challengers Bangalore (RCB) සහ  ජාත්‍යන්තර ලීග් T20 තරගාවලියේ “ඩෙසට් වයිපර්ස්”     කණ්ඩායම නියෝජනය කරමින් වනිඳු හසරංග දැනටමත් ලීග දෙකක් ක්‍රීඩා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රියා කරවන්න දැනුම නැතිව කෝටි ගණන් වටිනා නවීණ තාක්ෂණික උපකරණ තොග රෝහල්වල ගොඩගැහිලා!

Next Post

“ මම ඔයාට ඉතිහාසය උගන්වන්න ද?”… කුරුන්දි විහාරයේ ඉඩම් ගැන කී  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් ජනපති අසයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.