දිනසේන රතුගමගේ:
දෙමළ ජාතික සන්ධානයේ අර්බූදකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම පිණිසත් නව මන්ත්රීධූරයන් සදහා ආශිර්වාද ලබා ගැනීම සදහාත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදෙනෙකු වන සෙල්වම් අඩෙයිකලනාදන් හා නෝහ රාධලිංගම් යන මන්ත්රීවරු දෙදෙනා 9 දා මන්නාරම රදගුරු එමානුවල් ප්රනාන්දු හිමිපාණෝ බැහැදුටුවහ.
මේ අවස්ථාවේදී මන්ත්රීවරු දෙදෙනා යාපනයේදී හා වන්නියේදී දෙමළ ජාතික සන්ධානයට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් රදගුරු හිමිපාණන් සමග සාකච්ඡා කොට තිබේ.
මෙහිදී උන්වහන්සේ අනුශාසනා කොට ඇත්තේ බලය වෙනුවෙන් දේශපාලනඥයින් එකිනෙකා පොරකෑම රණ්ඩුවීම වෙනුවට බලාපොරොත්තු රැසක් සිත්වල තබාගෙන ඡන්දය ලබා දුන් අසරණ ජනතාවගේ ප්රශ්න විසදීමට මූලිකත්වය දෙන ලෙසයි.







