කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා ඇතිව තිබෙන ආර්ථිකය අර්බුදකාරී තතත්වය මත මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ 80,000ත් ලක්ෂයත් අතර පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් පැන නැගී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සංසදය (JAAF) සඳහන් කරයි.
එම සංසදයේ සභාපති ඒ සුකුමාරන් මහතා අද ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ මෙරට ස්ථාපිත ඇඟලුම් කර්මාන්ත 300ක 9,90,000ක් පමණ සේවක පිරිසක් සිටින අතර තවත් දස ලක්ෂයක් පමණ වක්‍ර ව මේ මත යැපෙන බවය.
මේ වනවිට මෙම කර්මාන්ත ක්ෂේත්‍රයෙන් රටට එන ආදායම සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර එය කිසිසේත් එවැනි විශාල පිරිසක් නඩත්තු කිරීමට තරම් හැකියාවක් සහිත ආදායමක් නොවනු ඇති බවය.
පසුගිය 2019 වසරේ පෙර වසරට සාපේක්ෂව සියයට 5.1ක ප්‍රගතියක් සහිතව ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3ක ආදායමක් ලැබීය. එසේ වුවද මෙම වසරේදී එම ආදායම උපරිම වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව සුකුමාරන් මහතා සඳහන් කරයි.
මහා පරිමාණ සමාගම් කෙසේ හෝ තවත් මාස කිහිපයක් මෙම අසීරු තත්ත්වය දරා ගැනීමේ හැකියාවෙන් යුතු වුවද කුඩා පරිමාණ සමාගම්වල ව්‍යාපාර ව්‍යුහය අනුව ඔවුන්ට අපනයන ඇණවුම් නොමැති තත්ත්වයක් තුළ තම කර්මාන්ත පවත්වා ගැනීම අසීරු වන බව ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන අලෙවි කෙරෙන ප්‍රධාන පෙළේ වෙළෙඳපොළ වන යුරෝපය ඇමෙරිකාව වැනි වෙළෙඳපොළ තවමත් නිසි ලෙස විවෘත නොවීමත් එම රටවල දෙවන කොවිඩ් රැල්ලක් පිළිබඳව පවතින බියත් මත අපේ ඇඟලුම් නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ස්ථාවරත්වයට පත්වීම පිළිබඳව තවමත් ඇත්තේ අවිනිශ්චිතතාවක් බව ඔහු සඳහන් කරයි.