දිනසේන රතුගමගේ –
වවුනියාව ඕමන්ත ඉලප්පර්මරදන්කුලම වැව අසල ඇලකට වැටී සිටි ඇතින්නක් හා පැටවෙකු ඉන් ගොඩ ගැනීමට වන ජීවී නිලධාරීන් යාමට ප්‍රථම ඇතින්න හා පැටවා ඊයේ (10) එම වළෙන් ගොඩ වී කැලයට ගොස් තිබේ.
දින කීපයක් තිස්සේ මෙම ඇතින්න හා පැටවා වතුර ඇලට වැටී නිරාහාරව සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් එය දැක වනජීවී නිලධාරීන්ට පැමිණිලි කොට ඇත.
වනජීවී නිලධාරීන් අදාල ස්ථානයට පමිණ ඇතින්න හා පැටවා ගොඩට ගැනීමට පසු දිනයේ පැමිණෙන බව දැනුම් දී අදාල ස්ථානයෙන් පිටව ගිය පසුව රාත්‍රී කාලයේදී ඇතින්න සිය පැටවා සමග ඇලෙන් ගොඩ වී කැලයට ගොස් ඇත.