සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වඩිවේල් සුරේෂ්,  සියඹලාපිටිය, මහින්දානන්ද ඇතුළු දේශපාලකයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අත්කරගත් මහා පරිමාණ ඉඩම් ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Sado-Island

Share on FacebookShare on Twitter

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට පදිංචිවීම සඳහා ඉඩම් කැබැල්ලක් සොයා ගත නොහැකි වූ වටපිටාවක පසුගිය වකවානුවේ සිටි දේශපාලකයින්වන  පාර්ලිමේන්තු මන්ත්‍රී වෙඩිවේල් සුරේෂ්, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සිතාසිවම්, මෙන්ම ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වූ උපාලි ලියනගේ විසින්  සිදුකර ඇති අක්කර සිය ගණනක ඉඩම් අත්පත් කරගැනීම් සම්බන්ධව   වහාම විමර්ශනයක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි අද පාර්ලිමේන්තුවට කීවේය.

ඔහු කීවේ මේ මහා පරිමාණ ඉඩම් කොල්ලයන්  නිල වශයෙන් වාර්තා වී නැති බවත් විමර්ශනයක් අවශ්‍ය වන්නේ මේ කොල්ලකෑම්වල ප්‍රමාණය හෙළි කරගැනීමට බවත්ය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

“විශේෂයෙන්ම අඹගමුව ප්‍රාදේශී ලේකම් බල ප්‍රදේශයට අදාලව වේවැල්තලාව කියන ප්‍රදේශයේ අක්කර 50කට අදාල ඉඩම් ප්‍රමාණයක් විඩිවේල් සුරේෂ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අත්පත් කරන් තියනවා. දැනටමත් එකේ වැඩ කටයුතු කරගෙන යනවා.”

“ඒත් එක්කම ඊට යාබද ඉඩමක් තියනවා වේවැල්තලාවේ. උපාලි ලියනගේ හිටපු ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා අක්කර 50ක ඉඩම් කෑල්ලක් වෙන් කරගෙන තියනවා.  ඊට අමතරවෙ මම කියන්නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අදාලව දේශපාලකයින් විසින්  ඉඩම් අත්පත් කරගත්ත විදිහ.”

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

“එකක්  කොත්මලේ නැගෙනහිර කොටසට අදාලව ප්‍රොටෝ කියන වත්තේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් අක්කර 16ක් අත්පත් කරන් තියනවා. ඊට අමතරව තලවාකැලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සියඹලාපිටිය අක්කර 50කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරන් තියනවා. “

“මීට අමතරව නුවරඑළිය මාගස්තොට වත්තක මහින්දානන්ද අලුත්ගමගේ අක්කර 10 බැගින් කැබලි 03ක් වෙන් කරගෙන තිබෙනවා. හාවාඑළිය අශෝකාරම පන්සලට පිටිපස්සේ අක්කර 10ක්, ලවර්ස් ස්ලිප් දිය ඇල්ල ආසන්නයේ අක්කර 10ක් වෙන් කරන් තියනවා.”

මම අහන්න කැමතියි මේ ලේඛනය ඇතුළත් ලේඛනය කොහෙද තිබෙන්නේ කියලා.  මේ මහා පරිමාණ ඉඩම් මංකොල්ලය ගැන විමර්ශන ආරම්භ කරන්නෙ කවද්ද කියලා.”

මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියොජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ පාර්ලිමේන්තුවට පැවසුවේ දිස්ත්‍රික් ගණනාවකින් මෙවැනි  සිදුවීම් ගැන කියැවුන ද  මේ තොරතුරු නිල වශයෙන් වාර්තා වී නැති බවය.  එබැවින්ම  මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් දුම්රිය කට්ටල ගේන්න තව අවුරුදු දෙක හමාරක් විතර යාවි… නිරන්තර දුම්රිය අවලංගුව වලක්වන සැලසුම්වල ප්‍රතිඵල ක්ෂණික නෑ…

Next Post

විමර්ශන සාර්ථකයි… ලාසාගේ ඝාතකයින් දින 03කින් අත් අඩංගුවට ගන්නවා… පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.