ගමේ ජනතාව පවසන්නේ පක්ෂය හැර නොගොස් එහිම රැඳී සිටින්නට බැවින් හැරී පැමිණි බව රනිල් වික්‍රමසිංහ ගේ දෑත් ශක්තිමත් කිරීමට පොහොට්ටුවෙන් ගිය ප්‍රේමලාල් ජයසේකර අද (13) පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණු මූලස්ථානයට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ප්‍රේමලාල් ජයසේකර මෙසේ ද ප්‍රකාශ කළේය.
“මම කොයි පැත්තටවත් ගියේ නෑ. හිටපු පැත්තෙම තමයි හිටියේ. අපේ කණ්ඩායම් රැස්වීම තිබුණා රත්නපුරේ. ඒකට ජානක වක්කුඹුර මැතිතුමා එන්න කිව්වා. ඉතින් ඒකට ගියා. “
“එතනදි අපි මොකක්ද වෙන්නේ කියලා බැලුවේ. එතැනදි ජනාධිපතිවරණයට අපේ අපෙක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා කියලා හරියටම කියලා තිබුණෙත් නෑ. ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් කියලා තමයි කලින් තිබුණේ. ඉතින් කැමති වුනා”
“පස්සේ අපි පක්ෂයක් හැටියට මෙතෙන්ට ආවා මැතිවරණ කටයුතු මෙහෙයවන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයට ගිය අයගෙන් ආරාධනා ලැබුණා ආපහු එන්න කියලා. ජනාධිපති තුමා එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් අපට පක්ෂය පාවා දීලා යන්න පුලුවන් කමක් නෑ. ගමේ මිනිස්සු කියන්නේ ඉන්න පක්ෂයේම අපට රැඳිලා ඉන්න කියලා.
“අපි අවුරුදු ගානක් ඉන්නේ මේ පක්ෂයේ. පක්ෂ මාරු කරන එක අපේ ප්‍රතිපත්තිය නෑ ගොඩාක් දුරට. ඒ පක්ෂයම රැකගෙන ඉදිරියට යනවා. ” ප්‍රේමලාල් ජයසේකර කීවේය.







