මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අරලගංවිල පිඹුරත්තෑව ප්රදේශයේ අද ( 24 ) අලුයම පාළු වගාළිඳකට වැටීසිටි වන අලියෙකු වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව ගොඩටගෙන සිළුමිණසෑය රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කළේය.
අළුයම වැටී සිටි මෙම අලියා අද (24 ) සවස එකට පමණ වනජීවී නිලධාරීන්ට ගොඩට ගැනීමට හැකියාව ලැබිණි.
මාදුරුඔය රක්ෂිතයේ සිට වන අලි රංචුවක් විසිතුන් වෙනිදා පිඹුරත්තෑව ප්රදේශයට පැමිණ ඇති අතර එම අලි රංචුවෙන් එක් අලියකු මෙම වගාලිඳට වැටී තිබේ.
එම අලියාගේ වයස අවුරුදු 50ක් පමණ වන බව වෙහෙරගල වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ආර්.ආර් .ශාන්ත කීවේය.
ජේ.සී.බී. යන්ත්රයක ආධාරයෙන් ලිංකට කපා වැටී සිටි අලියා ගොඩ ගැනීමට හැකියාව ලැබි තිබිණි.
පහත දැක්වෙන්නේ වන අලියා බේරා ගත් අයුරුය…








