අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ලවී අදට වසර විස්සයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර අදට වසර විස්සක් සපිරෙයි.

2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වැනිදා උදෑසන මෙම ප්‍රහරය එල්ලවූ අතර අල්කයිඩා ත්‍රස්තයින් පැහැරගත් පළමු ගුවන් යානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනට උදෑසන 8.46ට ගැටීමට සැලැස්විය. ඉන් මිනිත්තු දාහතකට පසු දෙවන ගුවන්යානය දකුණු කුලුනේ ගැටීම සිදුවිය.

ගුවන් යානා දෙක ගැටී පැයයි මිනිත්තු හතලිහකින් පමණ පසු කුලුණු දෙකමට දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කඩා වැටීම සිදුවිය.  
මේ ප්‍රහාරයත් සමඟම ඇමරිකාවේ වඩාත්ම ආරක්ෂිත ගොනැගිල්ලක් වන පෙන්ටගනයට පෙරවරු 9.37ට පමණ ගුවන්යානක් ගැටීමට සලස්වමින් ප්‍රහාරයක් එල්ල විය.

මෙම ප්‍රහාර මාලාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 2977ක් මරණයට පත්ව තවත් විසි පන්දහසක් පමණ තුවාල ලැබූ බවට වාර්තාවේ. අදාල ප්‍රහාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් දේපල හානියක් සිදුවූ බවටද ඇස්තිමේනතු කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙය එතෙක් මෙතෙක් ඇමරිකානු ඉතිහාසයේ එරටට එල්ලවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන අතර ප්‍රහාරයත් සමඟම ඇමරිකාව විසින් අල්කයිඩා සංවිධානයට සහ ගෝලීය ත්‍රස්තාවදයට එරෙහිව සිය යුද මෙහෙයුම් දියක් කිරීමට පියවරගනු ලැබීය.

ඒ අනුව ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම ආරම්භ කළ අතර එහිදී අල්කයිඩා ඉල්ලක්ක සෙයා අඛණ්ඩව ප්‍රහාර එල්ල කළහ.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් වසර දහයකට පසු අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩන්ව ඇමරිකානු සීල් හමුදා කණ්ඩායමක් විසින් පාකිස්ථානයේදී ඝාතනය කරනු ලැබීය.

අල්කයිසඩා නායකයාව ඝාතනය කළද ඒවන විටත් ඇෆ්ගනිස්ථානය තුල අන්දවාදීන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පැවති අතර ඇමරිකානු හමුදා ප්‍රමුඛ මිත්‍ර පාර්ශවීය හමුදාවන්ට අඛණ්ඩය අන්තවාදී කණ්ඩායාම් සමඟ සටන් කිරීමට සිදුවිය.

එහිදී ක්‍රමක් ක්‍රමයෙන් තලේබානස් සංවිධානයේ ශක්තියද ඇෆගනිස්ථානය තුල වර්ධනය වුවද බටහිර හමුදාවන් රැදී සිටීමත් සමඟ යම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයෑමට ඇෆ්ගනිස්ථානයට හැකිවයි.

ඒ අනුව එරට තුල බටහිර හමුදා පැමිණීමට පෙර කාන්තාවන්ට අහිමව තිබූ නිදහස් යලිත් යම් දුරකට අත්විදීමට අවස්ථාව හිමිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගතවූ කාලය තුල එරට කාන්තාවන්ට අධ්‍යාපනය ලබාගැනීමටත් වෘත්තීයන්ගේ නියැලීමට ක්‍රීඩා ඉසව් වලට සහභාගීවීමට අවස්ථාව හිමීවීමදට සුවිශේෂීය.

කෙසේ වෙතත් ඇමරිකාව ඇෆ්ගනිස්ථානය තුල ගෙනගිය යුධ මෙහෙයුම් සධාතනික යුද්ධයක් ලෙසද ඇතැම් බටහිර මාධ්‍ය හැදින්වීමට පසුබට නොවීය.

ගතවූ වසර විස්සක කාලය තුලදී ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ටි්‍රලියන දෙකක් වැයකර ඇති බවට පැවසේ.

ඒ අනුව එක් දිනකට ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ යුධ මෙහෙයුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන තුන්සීයක් වැයකර ඇති බව ෆෝබ් සඟරාව වර්තා කර තිබිණි. මෙවැනි අතිවිශාල මුදලක් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව තුල විවිධ මත පළවූ අතරම ඇෆ්ගන් මෙහෙයුම් නවතා දැමිය යුතු බවටද අවස්ථා රැසකදී විශාල පිරිසක් අදහස් පළ කළහ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් විසින් ඇෆ්ගනිස්ථානයේ රැදී සිටින හමුදාවන් යලි ගෙන්වා ගැනීමට සැලසුම් දියත් කළයේ.

එහෙත් ඔහුගේ මැතිවරණ පරාජයෙන් සිය අපේක්ෂා ඉටු කරගැනීමට නොහැකිවුවත් ට්‍රම්ප් පරදා ධවල මන්දිරයට පැමිණි ජෝ බයිඩන් විසින් ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීම අවසන් කිරීමට ප්‍රතිඥා දෙනු ලැබීය.

ඒ අනුව ඔහු ඉකුත් ජුලි මස වනවිට ඇමරිකානු හමුදාවන් විශාල වශයෙන් ඉවත්වීම සිදුවූ අතර ඒත් සමඟම තලේබාන් බලය ඇෆ්ගනිස්ථානය තුල සිතාගත නොහැකි වේගයෙන් වර්ධනය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස අගෝසතු 15 වැනිදා තලේබාන් සංවිධානය විසින් කාබුල් නගරයේ බලය තහවුරු කරගත් අතර ඇමරිකානු හමුදාවන් කාබුල් ගුවන් තොටුපොලට පමණක් සීමාවිය.
ඒත් සමඟම එතෙක් ඇෆ්ගනිස්ථානය පාලනය කළ අෂ්රෆ් ගානී එරටින් පැනයාමත් සමඟ තලේබාන්වරුන් විසින් නව රජයක් පිහිටුවන් ලැබීය.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 30 වැනිදා ඇමරිකානු හමුදාවන් සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වූයේ විසි වසරක යුද්ධයේ අවසානයක් නොදැකයි.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔහුව නිදහස් කරන්න…  හිටපු ජනපතිනිය චන්ද්‍රිකා රන්ජන් රාමනායක වෙනුවෙන්  ජනපති ගෝඨාභයට ලියයි!

Next Post

ඉවත් වූ මහබංකු අධිපතිට ලොකු වැටුපකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.