ගම්පහ ඉදිගොල්ල මෝරුපොල ප්‍රදේශයේ පසුගිය 03 දා සංවිධානයකර තිබූ ලේ දන් දීමේ පින්කමක ලේ පරිත්‍යාග කළ 4 දෙනෙක් කොවඩ් ආසාදිත බව තහවුරු වීම නිසා ලේ දන් දීමට පැමිණි පිරිස, ලේ දන් දුන් පිරිස ඇතුළු පවුල් 19ක 148 දෙනෙක් නිරෝධායනය කර ලබා ගත් රුධිරය ඉවත් කිරීමට උපදසේ ලබා දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ පැවසීය.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව බවත්, ලේ දන් දීමේ අවස්ථාව සංවිධානය කළ පිරිස එදින සවස සාදයක් පවත්වා ඇති බවත් මේ සංකීර්ණ තත්වය තුළ ආශ්‍රිතයන් සොයා යෑමේ දුෂ්කර මෙහෙයුම ආරම්භ කර ඇති බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට කළ විමසීමක දී කියා සිටියේය.
කොවිඩ් ආසාදනය වී සිටි සිවු දෙනා අතර ලේ දන් දුන් එකම පවුලේ තුන් දෙනෙක් සිටි බව වාර්තා වී ඇත.
අයියෝ…. උන්ටත් නෑ….. මුන්ටත් නෑ….