අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම් සැක සහිතයි

පුළුල් විමර්ශෂණයක් කරන්නැයි අධිකරණ ඇමති පත්කළ කමිටුවෙන් නිර්දේශයක්

by Lanka Sara Editor
ජනවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරයේ පසුගිය නොවැම්බර් 29 වැනිදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද විශේෂ කමිටුව මෙම රැඳවියන්ට වෙඩි වැදී ආකාරය පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශෂණයක් සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් එම සිදුවීම සිදුවූ ආකාරය සහ ඔවුන් තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබූ තැබූ ආකාරය පිළිබඳව ලබා දුන් ප්‍රකාශ සහ මෙම රැඳවියන්ට වෙඩි තබා ඇති ආකාරය අතර පරස්පරතා සාක්ෂි මඟින් හෙළිදරව් වීම බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාසරට කරුණු හෙළි කළ ආරංචිමාර්ගවලට අනුව රැඳවූවන්ගේ නොසන්සුන් තත්ත්වය හමුවේ එම රැඳවූවන්ට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇත්තේ අසාමාන්‍ය ආකාරයට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශණවලින් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙනී ගොස් තිබේ.

රැඳවූවන් කලහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රධාන ගේට්ටුව දෙසට පැමිණි බවත් දහසකට අධික රැදවූවන් ඒ අතර සිටි බවත් ඔවුන් ගේට්ටුව කඩාගෙන බන්ධනාගාරයෙන් පළායාමට සූදානම්ව සිටි බැවින් එය වැළැක්වීමට ගේට්ටුව ඉදිරිපිට සිට වෙඩි තැබූ බවත් මහර බන්ධනාගාරයේ බලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ටත් අධිකරණ ඇමති අලි සබ්‍රි පත්කරනු ලැබූ කමිටුවටත් සදහන් කර තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් වෙඩි වැදී මිය ගිය රැදවූවන්ට වෙඩි වැදී ඇති දිශාවන් සහ ආනතීන් මෙන්ම බන්ධනාගාරයේ ගොඩනැගිලිවලට වෙඩි වැදී ඇති ආකාරය විමසීමේදී පෙනී ගොස් ඇත්තේ වෙඩි තැබීම් සිදුව ඇත්තේ ගේට්ටුව දෙස සිට නොවන බවය. ඒ අනුව ඇමතිවරයාගේ කමිටුව නිර්දේශ කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවය.

ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින්ද තහවුරු වී ඇත්තේ රැඳවූවන්ට වෙඩි තබා ඇත්තේ ගේට්ටුව දෙස සිට නොවන බවය. බන්ධනාගාරයට පිටත ගේට්ටුවට දකුණු පැත්තෙන් ඇති නිවසක වහලය මත සිටද රැඳවූවන්ට වෙඩි තබා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

රැඳවූවන්ට වෙඩි වැදී ඇති ආකාරය දෙස විමසීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට විවිධ කෝණවලින් වෙඩි තබා ඇති බවය. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරීන් තැන් තැන්වල සිට හිතුමතේට වෙඩි තබා ඇති බවය.

මහර බන්ධනාගාර බලධාරීන් සඳහන්කර ඇති ආකාරයට එකවර දහසක් පමණ රැඳවූවන් පිරිසක් ගේට්ටුව දෙසට පැමිණි අවස්ථාවේදී වෙඩි තැබුවේ නම් එම වෙඩි රැදවූවන් සිය ගණකට වැදී තුවාල සිදුවිය යුතුය. එහෙත් සියයකට වැඩි රැදවූවන් පිරිසක් තුවාල ලබා ඇතත් ඒ කිසිවෙක් වෙඩි වැදීම්වලට ලක්ව නැති බව එම විමර්ශෂණ වාරතා හෙළි කරයි. ඔවුන්ගෙන් වෙඩි වැදී ඇත්තේ රැදවූවන් 11 දෙනෙක් පමණි.

ඒ 11 දෙනාම මිය ගොස් තිබීමත් ඒ අයට වෙඩි පහරවල් එකකට වඩා වැදී තිබීමත් සැකසහිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී අනාවරණය වී ඇත්තේ මිය ගිය එකම සිරකරුවන්ට ඈතින් මෙන්ම සමීපයෙන්ද වෙඩි වැදී ඇති බවය. අඩි කිහිපයක් ළග සිට වෙඩි තැබීමේ ලක්ෂණද එම සිරුරු පරීක්ෂා කිරීමේදී අධිකරණ වෛද්‍යවරුන් හදුනාගෙන ඇත.

ඒ අනුව ඉදිරියේදි මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්ටේඩියම්ගම නිවාස 210ක් ඉදිකිරීමේ  නව  ව්‍යාපෘතිය ඇරඹෙයි…

Next Post

ලේ දන් දුන් 04ක් කොවිඩ් පොසිටිව්… එකතුකළ රුධිරය ඉවත් කර සියලු දෙනා නිරෝධායනයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.