කීර්ති ප්‍රනාන්දු –
ලිට්රෝ සමාගම අද සිට ලබන සඳුදා දක්වා සිය සේවකයින්ට නිවාඩු ලබා දී තිබේ.
අද කෙළවරපිටිය බෙදා හැරීම් මධ්‍යස්ථානය පාලුවට ගොස් තිබිණි. කෙසේ වෙත්ත මේ වනවිටත් දිවයින පුරා මිනිස්සු ගෑස් පෝලිම්වල සිටිති. ගම්පහ අවට කිසිම ගෑස් මධ්‍යස්ථානයක ගෑස් නැත.
එහෙත් මීට පෙර මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ගෑස් බෙදා හැරීම සහ කළමනාකරණය සම්බන්ධව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකගෙන් යුතු කණ්ඩායමක් පත් කර ඇති බවය.
ඒ කණ්ඩායම කිසිම අඩුවකින් තොරව ගෑස් සැපයුම් කළමනාකරණය සඳහා වගකියන බවත් ඔහු රටට පොරොන්දු වුනේය.
කෙසේ වෙතත් අවසානයේ දී මෑත ඉතිහාසයේ පළමු වරට ලිප ගිනි මොලවා ගත නොහැකි අවුරුද්දක් මිනිසුන් ගත කරමින් සිටිති.







