සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදී ආරම්භ විය.
“ලස්සන වෙරළ තීරයක් – ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ මෙම මුලපිරීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැන්වුනේය.
මෙම වැඩසටහනින් අද ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව පුරා වෙරළබඩ දිස්ත්‍රික්ක 14ම ආවරණය වන දිගුකාලීන ව්‍යාපෘතියකි.
මෙම වැඩසටහනට සමගාවීම බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124කදී වෙරළ පවිත්‍රතා වැඩසටහන උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වෙමින් ඇත්තේය.







