ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ T56 ගිනි අවිය ද සමඟ ඊයේ ( 08) දිනයේ දී අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම තැනැත්තා ආධුනික පොලිස් කොස්තාපල් කෙනෙක් බවත් ඔහු ඊයේ (09) සවස රාජකාරියට වාර්තා කිරීමෙන් අනතුරුව රාජකාරි ගිනි අවියද ගෙන පොලිස් ස්ථානයෙන් පිටත් වී කෙළින්ම කටුනායක ගුවන්තොටුපලට ගොස් ඩුබායි බලා පිටත්වී ඇති බවත් මේ වනවිට විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම ගිනි අවි සොරා ගැනීම සැලසුම් සහගත අපරාධයක් ලෙස විමර්ශන අංශ සැක කරයි. මෙම පුද්ගලයා ටී 56 ගිනි අවියට කළේ කුමක් ද යන්න තවමත් පැහැදිලි වී නැත
ගිනි අවිය සොරකම් කළේ කුමක් නිසාද, විදේශගතවීම පසුපස ඇති පසුබිම් කතාව කුමක් ද, ගිනි අවිය අලෙවි කළා ද, යම් කිසි අපරාධ කල්ලියක කොන්ත්‍රාත්තුවක් ලෙස මෙම ගිනි අවිය සොරා ගැනීම සිදුකළා ද, ඔහුට විදේශගතවීමට අවශ්‍ය පහසුකම් සැපයුවේ කවුද, යන්න පිළිබඳ මේ වනවිට විමර්ශන අංශවල දැඩි අවධානය යොමු වී ඇත.
ගල්කිස්ස පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.







