ශ්‍රි ලංකාවේ ණය අත්හිටුවීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් සමාජය විසින් ඉදිරිපත් කර ඇති ණය තිරසාර විශ්ලේෂණයට චීනය තවමත් සහාය නොදක්වන හෙයින්, ලබන මාසයේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ණය ප්‍රතිලාභය නොලැබෙනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් සමාජයේ ණය තිරසාර විශ්ලේෂණ මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය තවමත් සහාය නොදක්වන හෙයින්, වත්මන් ආර්ථික අර්බුදයෙන් හිස එසවීම සඳහා අත්‍යවශ්‍ය ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට කාලය අවසන් වෙමින් ඇතැයි එම වාර්තාව දක්වයි.
ශ්‍රී ලංකාව වාරික අටකින් වසර හතරක් පුරා IMF වෙතින් ඩොලර් බිලියන 2.9 ක ණයක් අපේක්ෂා කර ඇත.







