ඇගයුම් ක්‍රියාවලියකින් පසු ලබන මාසයේ ඉන්ධන කෝටා තවදුරටත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) ප්‍රකාශ කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේයත
ඉදිරි මාස 6 සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ සමාලෝචනය කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, QR කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් සහ බෙදා හැරීම සමාලෝචනය කර සාකච්ඡා කරන ඇති බව ඔහු සඳහන් කර තිබේ.







