ලලිත් චාමින්ද –
දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල 493ක් සදහා 2019 වර්ෂයේ දි වැසිකිළි ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 09ක මුදලක් වැයකර තිබුනද එම ප්‍රතිපාදන උපයෝජනය කර එක් ප්‍රතිලාභියෙක් පමණක් වැසිකිළියක් ඉදිකොට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
වැසිකිළි පහසුකම් නොමැති පුද්ගලයින් 11246 දෙනෙකුගෙන් සමන්විත පවුල් 493ක් සදහා වැසිකිළි ඉදිකිරිමට මෙකී මුදල වැයකර තිබුණි.
එමෙන්ම 2020 වර්ෂයේ දි ප්‍රතිලාභින් 206 දෙනෙකු වෙනුවෙන් වැසිකිළි ඉදිකිරිම සදහා රුපියල් මිලියන 17ක් වැයකරතිබුනද ප්‍රතිලාභින් 27 දෙනෙකු පමණක් වැසිකිළි ඉදිකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.







