ලංකාවේ ශික්ෂණ රෝහල් සියල්ලේම වෘත්තීය සමිති 20ක් ආවරණය කරන කාර්ය මණ්ඩල මේ වනවිට පැය හතරක සංකේත වැඩ වර්ජනයක නිරතව සිටී
මීට ස්වල්ප වෙලාවකට පෙර ආරම්භ කරනු සමස්ථ ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තිය සමිති සංකේත වැඩ වර්ජනය ආරම්භ කරමින් පැවසුවේ කොවිඩ් රාජකාරි හා අත්‍යාවශ්‍ය සේවා හැරුණු විට අනෙක් සියලුම රාජකාරිවලින් බැහැරවූ බවය.
සෞඛ්‍ය සේවාව අවදානම් සේවවාක් බවට පත් වීමෙන් පසු රාජ‍්‍ය චක්‍රලේඛ ප්‍රකාරව අවදනාම් දීමනාව හිමි නොවීම, සෞඛ්‍ය සේවාවේ නිදහස ආරක්ෂා කිරීම, අත්තනෝමතික දේශපාලන බලපෑම් ඇතුළු බලපෑම් සිදු වීම වැළැක්වීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය දියත් වී තිබේ.