-
යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ටොන් එකකට අධික ප්‍රමාණය ගෙනත් තියෙන්නේ විවිධ පාතාල ජාවාරම් කරුවන්ගේ ඇණවුම් මත… බෝට්ටු කිපයකින් මත්ද්‍රව්‍ය ඇදලා… දැලට අහුවෙලා තියෙන්නේ බෝට්ටු 02යි…
පකිස්තානු ජාවාරම්කරුවන් විසින් පකිස්තානයේ සිට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ( කිලෝ ග්‍රෑම් 1000කට වැඩි ප්‍රමාණයක්) ජාත්‍යාන්තර මුහුදු තීරයට රැගෙනවිත් මෙරට ජාවාරම් කරුවන්ට ලබා දීමට සැරසී සිටි බවත් පෙරේදා නාවිකය හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන් කිලෝ ග්‍රෑම් 212ක් බවත් විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඇනවුම් කර තිබී ඇත්තේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි අපරාධකරුවන් දෙදෙනෙක් විසින් බව හෙළි වී ඇත.
ඉතිරි මත්ද්‍රව්‍ය තොගය විවිධ පාතාල කණ්ඩායම් විසින් විවිධ ප්‍රමාණවලින් ඇණවුම් කළ ඒවා බවත් එම මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන්ගේ ඇණවුම්වලට අනුව වෙනත් බෝට්ටුවලට පටවා ඇති බවත් ලැබී ඇති තොරතුරුවල සඳහන් වේ.
ඒ හෙළිදරව්වත් සමග රාජ්‍ය බුද්ධි සේවාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.
බොහෝ විට එම යාත්‍රාවල පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ මත්කුඩුවලට වඩා වැඩි බරැති මත්කුඩු තොගයක් තිබෙන්නට හැකි බව විමර්ශකයින් විශ්වාස කරයි.







