බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර ගෙන්වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ… එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩක්… ශෂීන්ද්‍ර පාර්ලිමේන්තුවේ කියයි!

උත්තර දුන්නෙ රෝහීණී කවිරත්නගේ චෝදනාවට...

by Lanka Sara Editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නැන‍ෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය හා චීන කාබනික පොහොර නැව සම්බන්ධයෙන් තමාගේ නම සම්බන්ධ‍ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය කරන ලද ප්‍රකාශය රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු‍වේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“ගරු කතානායකතුමනි,

2021 නොවැම්බර් මස 19 වැනි දින දින මා මේ සභාගර්භයේ නොසිටින අවස්ථාවක මගේ නම සඳහන් කරමින් සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය විසින් කරන ලද ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ වරප්‍රසාද කඩවී ඇති බවද මා හට පෞද්ගලිකව අපහාසයක් සිදු වී ඇති බව ද මෙකී ප්‍රකාශය මගින් එම මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත හා ස්ථාවර නියෝග 91 උල්ලංඝනය කොට ඇති බවද මා විශ්වාස කරනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එබැවින් ස්ථාවර නියෝග 22 (10) යටතේ පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදුකිරීමටත් ස්ථාවර නියෝග 22 (11) යටතේ ප්‍රශ්නයක් මතු කිරීමටත් හා ස්ථාවර නියෝග 118 අනුව එකී වරප්‍රසාද ප්‍රශ්නය ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ දී ඉදිරිපත් කිරීමට ද කිරීමටද මා අපේක්ෂා කරනවා. මේ සඳහා අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිය පුද කරනවා.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් සෞභාග්‍යයෙ දැක්ම යටතේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරුකිරීමේ ජාතික වැඩපිළිවෙළ කොටසක් වශයෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කොට දේශීය ගොවියන් වෙත පොහොර සහනාධාරය වෙනුවට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මෙම ගරු සබාව මේ වනවිටත් දන්නා කරුණක්. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන Colombo Commercial Fertilizer සමාගම මගිනි. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදු කොට ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදු කොට ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අධික්ෂණය සහිතවය.

ගරු කතානායකතුමනි,

ඒ වගේම මම කියන්න කැමතියි. මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන චීන කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය ද සිදුකොට ඇත්තේ මේ ආකාරයටම කෘෂිකර්ම අධ්‍යක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත සිදුකරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව බව සඳහන් කරන්න කැමතියි. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කිසිදු දායකත්වයක් බලපෑමක් හෝ නියම් හෝ අනියම් ආකාරයකින් කිසිදු ඇඟිලි ගැසීමක් සිදුකොට නොමැති බවද මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. මේ නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ආනයනය කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සභාපති වන මොහාන් පෙරේරා යන අය විසින් පහුගිය දා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද බව මා මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ගරු කතානායකතුමනි,
ඒ අනුව පසුගිය 19 වැනි දින ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් මාගේ නම පෞද්ගලිකව සඳහන් කරමින් මේ දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේ දී වංචාවක් සිදුවී ඇති බවත් ඒ සඳහා මා සම්බන්ධ වී ඇති බවටත් ප්‍රකාශ කරන ලදී. පාර්ලිමේන්තු වරප්‍රසාද යන්ට මුවා වී මා නොමැති අවස්ථාවක දී මා හිතවත් මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමින් එය හෙළා දකිමින් තවද 19 වූ ස්ථාවර නියෝග ප්‍රධාන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් ලෙස මා විශ්වාස කරමි. එසේම මන්ත්‍රීතුමිය විසින් කරන ලද ප්‍රකාශයට මේ වන විට විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලය ඇතුළු සමහරක් මාධ්‍ය ජාලයන් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදීම තුළින් ද මා හට පෞද්ගලිකව අපහාසයක් සිදු වී ඇති අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත අනුව මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව ඒ මගේ පෞද්ගලිකව මා හට අගතියක් සිදු කොට ඇති බවද මා තරයේ විශ්වාස කරනවා.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට වගකිවයුත්තන්ට නීති මඟින් කටයුතු කරන ලෙස මේ වන විටත් අප රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ. එනිසාම කාරුණිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමිය දන්නා තොරතුරු හා සාක්ෂි තිබෙනවා නම් මන්ත්‍රී වරප්‍රසාද යටතේ මේ පාර්ලිමේන්තුව තුළ පෞද්ගලික අපහාස සිදු නොකොට නිත්‍යානුකුල පුරවැසියෙක් ලෙස එකී තොරතුරු හා සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසය.

ඒ වගේම මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා පෞද්ගලිකව මැදිහත් වීමක් සිදු කළ බවත් එකී ආනයන ගනුදෙනුවේදී කිසියම් වංචාවක් සිදුවී ඇති බවත් ඒ සඳහා මා මැදිහත් වී ඇති බවත් මේ දිනවල මෙම ගරු සභාව නියෝජනය කරන සමහරක් මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරනවා. එසේ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස මේ වන විටත් මා මගේ නීතීඥවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒවගේම මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී කිසියම් වංචාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මාධ්‍ය ඉදිරියේ වීරයන් නොවී තමන් දන්නා එකී තොරතුරු හා සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසයි.

ගරු කතානායකතුමනි,
මේ සම්බන්ධයෙන් ඕනෑම සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මා සූදානම් බවත් මේ නම වන පාර්ලිමේන්තුවට මා නවකයකු වුවද උපන්දා සිටම දේශපාලන පරිසරයක හැදුන වැඩුන මා හට මේ සියලු තනතුරු තානාන්තරවලට වඩා මෙතෙක් මා ආරක්ෂා කරගන්නා මගේ හොඳ නම වටින බව මා මේ අවස්ථාවේදී අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

ගරු කතානායකතුමනි,
එබැවින් මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ 2021 නොවැම්බර් මස 19 වැනි දා ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් මගේ නම සඳහන් කරමින් ප්‍රකාශ කරන ලද ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් වන බැවින් එකී ප්‍රකාශය මගේ නම සඳහන් කොට හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසත් එමගින් මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමු කරන ලෙසත් එතුමිය වරප්‍රසාදයට මුවාවී කරන ලද ප්‍රකාශය ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතන මඟින් ද මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව මා විශ්වාස කරන බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නිවැරදි කිරීම් කරන 20 ලෙස අදාළ ආයතන ලෙස ආයතනවලට දැනුම් දෙන ලෙසත්ය. බොරු මඩ ප්‍රචාරයන් නිවැරදි කිරීම සඳහා මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂය නිර්දේශයේ කිසිම කොටසක් ඉවත් කර නෑ… අධ්‍යාපන ලේකම් තහවුරු කරයි!

Next Post

කුට්ටිආරච්චි… මට කියපු කතාව ගෙදර ගිහින් අම්මගේත් බිරියගේත් මූණට කියන්න… රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.