බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහලට යන සියලු දෙනා පණ පිටින් එන්නේ නැත = වැලිකඩ යන සියලු දෙනාත් පණ පිටින් එන්නේ නැත… මළ මිනී සඳහා ආදාහන නැත… වළ දැමු විට ස්මාරකත් නැත….

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

මෙහි පහත දැක්වෙන දින කිහිපය මෙරට ජනතාව කෙදිනකවත් අමතක නොකළ යුතු දින කිහිපයකි. ඒ 2023 සැප්තැම්බර් මස 06 ,07 හා 08 දිනයන්ය. ඒ දින තුන තුළ මෙරට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා ලද්දේ ⁣හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයයි.

මේ විශ්වාසභංගය පිළිබඳව ඡන්ද විමසන අවසාන දවසේ එනම් සැප්තැම්බර් 08 වන දා සභාව අමතන ලද ආණ්ඩු පක්ෂයේ නියෝජනයන් අතර ඇමති මනූෂ නානායක්කාර ,ඇමති කාංචාන විජේසේකර හා පාම රෝහිත අබේගුණවර්ධනද විය. එහිදී පාම රෝහිත අබේගුණවර්ධන සභාව අමතමින් මෙසේ පැවසුවේය.

“…..බාල බෙහෙත් ගෙනාවත් ඒ බාල බෙහෙත් මිනිහෙක් කෝමද බලන්නෙ.
එහෙමත් නැතිනම් මේ ඇමතිතුමාට කෙහෙළිය ඇමතිතුමාට පුළුවන්ද මේ බේත් බීල බලන්න. ඒම නැතිනම් පුළුවන්ද ඒ එන්නත අරගෙන බලන්න. ඉතින් ඒක වැරදුනොත් මොකද වෙන්නෙ. ගරු කතානායක තුමණි. ගත්තු මිනිහා මැරෙනවා. ගරු ඇමතිතුමණි තියෙන්නෙ තව පැය කිහිපයයි. තමුනාන්සේ බය නැතුව ඉන්න. ඔබතුමා අනිවාර්යෙන්ම අද හවස් වෙන කොට මේ විශ්වාස භංගය පරාජය කරල ඔබතුමා නිර්දෝෂී පුද්ගලයෙක් බව රටට හෙළි කරනවා..”

මේ එම අවස්ථාවේ සභාව ඇමතූ කාංචන විජේසේකර අමාත්‍යවරයා කළ සඳහනයි

“……මඩ ගහන්න තැනක් නැති වෙන කොට මේක ඉස්සරහට යනවා දකින කොට මේ අර පැත්තක ඉන්න කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමා අල්ලගත්ත. මේ සමස්ත වැඩ පිළිවෙලේ කොතනටද ඇණේ ගහන්න පුළුවන් කියල. එන්නත්වලත් බෙහෙත්වලත් හැම වෙලාවෙම තියෙන ප්‍රතිශතය හැම වෙලාවෙම ඇලජි ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේ කොනක් අල්ලගෙන මිනී මතින් කරන දේශපාලනය අල්ලගෙන මිනිස්සු ආපස්සට ගෙනියන්න එපා”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අනතුරුව කතා කළ ඇමති මනූෂ නානායක්කාර මෙසේ කීවේය.

“…..මම කිසිසේත්ම පිළිගන්නෑ ආණ්ඩුවෙ හිටියත් විපක්ෂයෙ හිටියත් , කවුරු ඇමති කම් කරත් මේ බාල බෙහෙත් ගෙනැල්ල මිනිස්සු මරන්න ඕන කියල. වෙන කාගෙ කවුරුවත් ඒ වැ⁣ඩේ කරනවා කියල නිළධාරීන් හෝ එහෙම කරනවා කියල මම විශ්වාස කරන්නෑ. කවුරු හරි කියනව නම් අහවල් කාලෙ මේ ආණ්ඩුවෙ ඇමතිවරයා බාල බෙහෙත් ගෙනාව කියල… මම එහෙම පිළිගන්නෑ. කවුරුත් එහෙම මැදිහත් වෙලා බාල බෙහෙත් ගේන්න මැදිහත් වේවිද?.සමහරු හරියට චෝදනා කරන්නෙ රජයේ රොහල්වල ශල්‍යකර්ම කරන්නෙ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා කියල වගේ..”

හිටපු ඇමතිවරුන් තිදෙනා ඇතුළුව එදින පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සියළුම දෙනා ⁣සිය කැබිනට් සගයා වූ කෙහෙළිය රඹුක්වැල්ලගේ කෙරුවාව රෙකමදාරු⁣ කෙරුවේ සම්භාව්‍ය වචන වලිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මලෙන් උපන් බෝධිසත්ව කුමාරයකු ලෙසට රටට හඳුන්වා දෙන්නට ඔවුන් දැරුවේ අපමන වෙහෙසකි. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගේ රෙකමදාරුව අනුව කෙහෙළිය රඹුක්වැල්ල වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “අනේ හරි ෂෝක් අහිංසකයෙක්ම” විය.

හඟුරන්කෙත රාජධානිය සමයේ දෙවැනි රාජසිංහගේ මහගබඩා නිළමේ කම් දැරූ කොට්ටිල දිසානායක මුදියන්සේ රාළහාමි එක් දිනයක සිය පුතු රාජ භාණ්ඩාගාරය වෙත කැඳවා ගෙන ගොස් එහි තිබූ රන් ආභරණ වටිනා මුතු මැණික් ආදිය පෙන්වීය. ඒ පුත්‍රයා එහි තිබුණ රන් හවඩියකට ලොබ බැඳ එය ගෙන ඉණ සඟවා ගත්තේය. ඊට පසුදින මහ ගබඩා නිළමේ සිය පුත්‍රයා රාජ භාන්ඩාගාරයෙන් සොරා ගත් රන් හවඩිය ඉණ බැඳ සිටිනු දැක ඒ රන් හවඩිය ⁣කවර තැනකින් ගත් එකක්දැයි විමසීය. එවිට පුත්‍රයා සැබෑ තොරතුරු විමසීය. මහ ගබඩා නිළමේ පුත්‍රයා ලවා ඒ හවඩිය රාජ භාණ්ඩාගාරයේ තබවා පුත්‍රයාගේ හිස ගසා දැම්මේ හොරුන්ට දෙන දඬුවම ක්‍රියාත්මක කරවමිනි. අනතුරුව මහ ගබඩා නිළමේ එදින රාජ සභා රැස්වීමට සහභාගි වූයේ කළු ඇඳගෙනය. මහ ගබඩා නිළමේ කළු වස්ත්‍රයෙන් සැරසී සිටීම ගැන රජතුමා ප්‍රශ්න කෙරුවේය.

මහ ගබඩා නිළමේ සැබෑව පැවසූ වි⁣ට රජු කීවේ පුත්‍රයාට එවැනි දඬුවමක් දීම දරුණු බවය.එහෙත් එහිදී මහ ගබඩා නිළමේ කීවේ “දේවයන්වහන්ස පුතා වුවත් හොරා හොරාමය. නොසන්ඩාලයා නොසන්ඩාලයාමයි” කියාය.

ජන ප්‍රවාදයෙන් එන මේ කතාවෙන් පැහැදිලි වන්නේ සිංහලයා හොරකම නොරිස්සූ බවය.⁣එහෙත් නූතනයේ සොරකම ප්‍රභූත්වයේ සංකේතයක් බවට පත් වී ඇති ආකාරය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගය පැවැති දින ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රටට පෙන්වා දෙන ලදී. එදින එම විශ්වාස භංගය ආණ්ඩු පක්ෂයට ජයග්‍රහණය කෙරුවේ ඡන්ද 113 කිනි. විපක්ෂව ඡන්ද ලැබුණේ ඡන්ද 73 කි.තක්කඩිකමෙන් සැඟවී එදින පාර්ලිමේන්තු නොපැමිණි මැති ඇමති සඛ්‍යාව 38 කි. මෙදින පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමති මන්ත්‍රීවරුන් බිරුවේ වෙල්ල හැලියට නැග්ග බල්ලන් වාගේ උද්ච්ච බිරිල්ලකි. මොවුන් කෙහෙළිය රඹුක්වැල්ල නම් වූ සිය කැබිනට් සගයා ගැන පූච්චානම් පැවසුවේ ඔහු කිරි කොකෙක් තරමට සුදනකු බව අඟවමිනි.

එහෙත් මේ ශුද්ධවන්තයාට මේ වන විට පටලැවී ඇති නඩු ගණනාවකි. එය එකක් දෙකක් නොවේ. නඩු පෝලිමකි. අල්ලස් හෝ දූෂණ කොමිසම පවරා ඇති එක නඩුවකට අනුව ⁣මේ ශුද්ධවන්තයාට කරන චෝදනා වල⁣ සඳහන් වී ඇත්තේ මොහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි 2020 වසරේ සිට 2024 දක්වා දක්වා වූ සිව් වසරක කාලය තුළ සැක සහිත බැංකු ගිනුම් 16 ක් ඔස්සේ අයථා වත්කම් උපයාගෙන ගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ මොහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් චෝදනා 43 ක් යටතේ නඩු පවරන ලද අතර ඊට අමතරව මොහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රි ජයනිකා, රන්දුලා රමාලි, අමාලි නයනිකා හා බෑණා වන පුලස්ති බණ්ඩාර යන අයවළුන්ටද නඩු පැවරිණි. කෝටි නවයකට අධික වත්කම් හෙළි නොකරන ලද ආකාරයෙන් උපයා ගැනීම විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා වේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2025 ජුනි 26 වන දින කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. 2023 වසරේ ජනමාධ්‍ය පරිසර හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කරන ලද අවදියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය⁣ට නාමිකව පුද්ගලයන් 15 දෙනෙකු ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් දීමනා අතිකාල දීමනා යනාදිය ලබා ගනිමින් පෞද්ගලික දේශපාලන අවශ්‍යතා පිරිමසා ගැනීමෙන් රජයට ලක්ෂ අසූවකට අධික පාඩුවක් කර ඇතැයි කියවෙන චෝදනාවකටද ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

2015 වසරේ පැවති ජනපතිවරණයේදී ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ජී.අයි .පයිප්ප මිලදී ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කරන ලදැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂම විසින් පවරන ලද නඩුවක් වේ.
එලෙසම ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවදියේ සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු බිල වන රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීමෙන් දූෂණය නැමති වරද කළ බවට අල්ලස් හෝ දූෂණ කොමිසම ඔහුට එරෙහිව පවරන ලද නඩුවක් මේ වන විටත් කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලයට ගැනීමේ චෝදනා කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැගෙන විට ⁣ඔහු පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරු දුන්නේ අමානුෂික හිරිකිත ප්‍රකාශයක් කරමිනි. “ඉස්පිරිතාලෙ යන සේරටම පණ පිටින් එන්නෑ. ඒකට තමයි ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා තියෙන්නේ” යැයි ඔහු එහිදී පැවසුවේ මෙරට පුරවැසියන් කේන්ති ගස්වමිනි. ඒ ප්‍රකාශයට එරෙහිව පුරවැසියන් දැඩි ප්‍රතිචාර දක්වන විට තමන් කළ ප්‍රකාශය ගැන කණගාටුව ප්‍රකාශ කරන්නට පවා කෙහෙළිය රඹුක්වැල්ලට සිදු විය.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විභාග වන නඩු පෝලිම කියවන විට අපට පවසන්නට ඇත්තේ වැලිකඩ යන හැමෝම පණ පිටින් එන්නැති බවත් මිනී වල දැමීම සදහා බොරැල්ල කනත්ත ඇති බවත්ය. වැලිකඩ බන්ධනාගාරගතව සිටින සිරකරුවකු මිය ගිය පසු ආදාහනයට ඉඩක් නැති අතර එම මෘත දේහය භූමිදාන කිරීමෙන් පසුව ස්මාරක තැනීමද තහනම්ය. ඒ බව කෙහෙළිය රඹුක්වැල්ල දැනුවත්ව සිටියා නම් හොඳය.

කෙහෙළිය රඹුක්වැල්ල වරද්දා ගත්තේ “සල්ලි දෙවියන්ගේ මල්ලී” විදියට සිතන්නට ගත් නිසාය. ඔහු එසේ සිතීමද වරදක් නැත. ඒ මක් නිසාද යත් නුවර රාජධානිය සමයේ ලියවුන ගජබින්නාලංකාරය නම් හාස්‍ය දනවන කාව්‍ය සංග්‍රහයේ එන මේ කවියේ කාසි ශක්‍රයාගේ දෙවියන්ටත් වඩා බලසම්පන්න හාස්කම් සහිත දෙවියෙකු ලෙස වර්ණනා කර ඇති නිසාය. සමහර විට කෙහෙළිය රඹුක්වැල්ල මේ කවි පොත කියවූ පාඨකයෙක් වෙන්ටද පුළුවන. මේ එහි එන එක කවියකි.

කරදර ලෙව් සත නෙදුකින් මෙදුනා
සුරපුර සැපටත් වැඩි සැප ලැබෙනා
පුරඳරටත් වැඩියෙන් බල තිබෙනා
නිරතර “කාසි” දෙවිඳු වඳු බැතිනා

එහෙත් කළ කම් පල දෙන විට කාසි⁣ දෙයියා පල් වෙන බවට නම් කෙහෙළිය රඹුක්වැල්ල අපූරු සාක්ෂියකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මින්නේරියේ දී රථ වාහන 05ක් එකිනෙක ගැටී සිදුවන අනතුරක්!

Next Post

බෙහෙත් නෑ… සම්පත් පුද්ගලයින් රෝහල හැර යනවා… රොහල බිඳවැටීමට උත්තර සොයනු වෙනුවට පරිපාලනයෙන් ජපුර රෝහලේ කාර්ය මණ්ඩලයට රෙදි අන්දවන්න චක්‍රලේඛයක්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.