ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්ව පැමිණි ගමන් එහි සමාජ ජාල හා වෙබ් අඩවිය දිලිත් ජයවීරගේ අයිඩියා හෙල් නම් සමාගමට පවරා දෙන්නට ගොස් අධිකරණ වාරණ නියෝගයකට ලක්වූ සොනාල ගුණවර්ධන රූපවාහිනී සංස්ථාව යටතේ අති චැනල් අයි සහ නේත්‍රා නාලික සොෆ්ට්ලොජික් සමාගමට පවරා දීමට සියලු පිඹුරු පත් සකසා අවසන් බව වාර්තා වේ.
මෙම ගනුදෙණුව අද හෙටම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙහි ලංසුව මසකට රුපියල් මිලියන 40 ක් බවත් ඒ වෙනුවෙන් රූපවාහිනියේ මැදිරි සංකීර්ණයක්, නිවේදක නිවේදිකාවන් හා තාක්ෂණික නිලධාරින්ද ඔවුන්ට ලබා දීමට නියමිත බවත් වාර්තාවේ.
මෙම ගනුදෙණුවෙන් අනතුරුව රූපවාහිනී සංස්ථා සභාපතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසේ.







