අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව හදිසියේ යුක්රේනයට ගහන්නේ ඇයි?

by editor
පෙබරවාරි 25, 2022 - Updated on පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව ඊයේ (24)  දිනයේදී එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය මත හමුදා සෙබලු  සහ සිවිල් වැසියෝ 137 දෙනකු මේ වනවිට මියගොස් සිටිති.   යුක්රේනය ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඊයේ කිව් නගරයට සහ එහි හමුදා කඳවුරු ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට දැඩි බලපෑම් එල් වී ඇත. මේ වනවිට යුක්රේනයට හමුදා නීතිය ප්‍රකාශයට පත් කොට ඇති අතර ඇඳිරි නීතියද පනවා තිබේ.

1997 වසරට පෙර සෝවියට් රුසියානු සමූහාණඩුවේම කොටසක් වූ යුක්රේනය බෙදී වෙන්වූයේ එවකට හිටපු සෝවියට් ජනාධිපති මිකායිල් ගොර්බචොව්ගේ පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙළට අනුවය.

එසේ වුවද රුසියානුවන් බොහෝ දෙනෙක් යුක්රේනය වෙනම රටක් ලෙස නොසලකන අතර එය රුසියාවේම කොටසක් ලෙස පිළිගන්නට ඔවුහු රුචි වෙති. යුක්රේනය මේ වනවිට ක්‍රමයෙන් බටහිර රටවල් සමඟ එකතු වෙමින් සිටින අතර මේ පිළිබඳව නුරුස්සන සුළු ස්වභාවයක් රුසියාව කෙරෙන් පළ වී තිබිණි.    මෙම ආක්‍රමණයට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගත්තේ මේ හේතුවෙන් බව ලෝක දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

බී.බී.සී පුවත් සේවය පවසන ආකාරයට මෙම ප්‍රහාරය පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්රේනය බටහිර රටවල් වෙත නැඹුරු වීම මේ තත්වයට හේතුව බවය. ඔවුන් මේ වනවිට යුරෝපා රටවලින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන අතර එය වැළැක්වීම මෙම ප්‍රහාරයේ අරමුණක් ලෙස සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුසියානු ජනාධිපතිවරයා පපසුගිය වසරේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් ලියමින් සඳහන් කර ඇත්තේ යුක්රේනය නේටො සාමාජිකත්වය ලබා ගත හොත් බටහිර ආක්‍රමණය තවත් තීව්‍ර වනු ඇති බවය.

“ යුක්රේනය නේටෝ සමඟ එක් වුණොත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය ක්‍රිමියාවට රිංගීමයි“… ඔහු එලෙස සඳහන් කොට ඇත.

ලෝක දේශපාලන විචාරකයන් දක්වන ආකාරයට මෙම රුසියානු ප්‍රහාරයේ අරමුණු සෘජුවම යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම ම නොව නේටෝ සංවිධානය යළිත් ඔවුන්ගේ 1997 වසරට පෙර තිබූ සීමා මායිම්වලට ගමන් කරවීමය.   කෙසේ වුවද මේ වනවිට යුක්රේනය තනිකරම සහය ඉල්ලා ඇත්තේ නේටො රටවලිනි. එයින් පෙනී යන්නේ නේටෝ සංවිධානය සැලකිය යුතු තරමට යුක්රේනය වෙත පසුගිය කාලය තුළ යම් යම්  බලපෑම්  මෙන්ම සහයෝගය පළ කර ඇති බවය.

රුසියාවට පවතින බිය වන්නේ  නේටෝ සංවිධානයේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම තුළ  රුසියානු බල කඳවුරේ යම් අසථාවරත්වයක් නිර්මාණය වීමය. මේ හේතුවෙන් රුසියාව කිහිප වරක්ම ලෝකය හමුවේ අවධාරණය කර සිටියේ නේටො රටවල් 1997 න් පසුව තම සාමාජිකත්වය ලබා ගත් රටවල පවතින මිලිටරි යටිතල පහසුකම් එනම් කඳවුර සහ සන්නද්ධ සූදානම් කිරීම් ඉවත් කර ගත යුතු බවය.

කෙසේ වුවද සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු රුසියානු කලාපය ආසන්න නැගෙනහිර රටවල් 14ක්  1997 න් පසුව නේටෝ සමාජිකත්වය ලබා ගත්තේය.  නේටෝවේ   ද ඊළඟ ඉලක්කය වී ඇත්තේ යුක්රේනය බෙලරුස් සහ ක්‍රිමියාව වැනි රටවල්ය. යුක්රේනය රුසියාවේ ආසන්නතම රටක් වන අතර නේටෝ බලපෑම කිසිසේත් රුසියාවට රුස්සන්නේ නැත.

කෙසේ වුවද මේ වනවිට යුක්රේන ප්‍රහාරවල දෙවන දිනය උදා වී ඇත.   අද (සිකුරාදා)  දිනය තුළ  දෙයක් සිදුවනු ඇතිදැයි යුක්රේන ජනතාවට පමණක් නොව,    සමස්ත ලෝකයටම ඇත්තේ බරපතල අවිනිශ්චිත බවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 21ට පසු මාධ්‍යවේදී නිමල රාජන් ඝාතන සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේදී මෙට්‍රොපොලිටන් පොලිස් අත්අඩංගුවට…

Next Post

දිල්ලියේ “ෂෙඩුල් “ ප්‍රශ්නයක් නිසා බැසිල්ගේ ඉන්දීය ගමන අවුල්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.