එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද තවත් පහළ වැටුණේය.
මේ වනවිට ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 204.62කි.
මීට පෙර වාර්තා වූ ඩොලරයක වැඩිම විකිණුම් මිල වූයේ රුපියල් 203.73කි. ඒ පසුගිය 12 දා සඳුදාය. දින තුනක් තුළ ශත 89කින් රුපියල පහත වැටී තිබිණි.
අද වනවිට ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 199.80කි.







