දිනසේන රතුගමගේ –
මගීන් 62 ක් රැගෙන ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරුට රියදුරු අසුන මතම හෘදයාබාධයක් වැළදී ඇතත් ඔහු ප්‍රවේශමෙන් බස් රථය පාරෙන් ඉවත්කොට නැවැත්වීමත් සමග අසුන මත සිහිසුන්ව ඇද වැටී තිබේ.
මේ සිද්ධිය වාර්තා වී තිබුණේ පසුගිය 05 වැනිදාය . වහාම ක්‍රියාත්මක වූ මගීන් පිරිසක් රියදුරුව චාවකච්චේරී රෝහලට ඇතුළත් කොට ඇත.
සිද්ධිය පිළිබදව යාපනය ලංගම ඩිපෝවට දැණුම් දීමෙන් පසුව වෙනත් බස් රථයකින් මගීන් යාපනය වෙත රැගෙන ගොස් තිබේ.
මේ වන විට බස් රථයේ රියදුරු චාවකච්චේරී රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඔහුට හෘදයාබාධයක් වැළදීමේ පූර්ව රෝග ලක්ෂණ පහළවීමත් සමගම ඔහු මගීන් ගැන සැලකිලිමත් වී ඔවුන්ව ඉතා ආරක්ෂිතව බේරා ගැනීම පිළිබඳව බස් රථයේ මගීන්ගෙන් මෙන්ම යාපනය ලංගම ඩිපෝවේ ඉහල නිලධාරීන්ගෙන් බස් රථ රියදුරාට ප්‍රණාමය හිමි වී තිබේ.







